
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින් අතරේ දුරකතන කතාබහක් පැවැත්විණි.
යුක්රේන අර්බුදය සම්බන්ධයෙන්, ‘සාමකාමී විසඳුමක්’ සෙවීම එහි අරමුණ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
‘යුක්රේනය මුල්කොට ගනිමින් යුද්ධයක් නිර්මාණය වුවහොත් එයින් කිසිදු පාර්ශ්වයකට වාසියක් අත් නොවන බව රුසියන් ජනාධිපතිවරයාත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාත් පැහැදිලිව පිළිගත් බව ලන්ඩන් නුවර අංක 10 ඩවුනින් වීදියේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
යම් හෙයකින් රුසියාව යුක්රේනය මුල්කොට ගනිමින් හමුදාමය ක්‍රියා මාර්ගයක් ගන්නේ නම්, මහා බ්‍රිතාන්‍යයේ සහාය හිමිවන්නේ යුක්රේනයට යැයි ද අග්‍රාමාත්‍ය ජොන්සන්, රුසියන් ජනාධිපතිවරයාට පැවැසුවේය.
යුක්රේන අර්බුදයට අමතරව, කාලගුණ විපර්යාස සම්බන්ධයෙන්, ඉරානය න්‍යෂ්ටික අර්බුදය සහ ඇෆ්ගනිස්තානයේ නවතම තත්ත්වය සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡාවට බඳුන් වූ බව පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd