IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


යුක්රේනයේ සිටින ලාංකිකයන් ගැන තුර්කි තානාපති කාර්යාලය විමසිල්ලෙන්

(විමුක්ති එස් රුද්‍රිගු) 

ශ‍්‍රී ලාංකිකයන් ආසන්න වශයෙන්  40 දෙනකු පමණ යුක්රේනයේ රැඳි සිටින බවත් ඉන් හත් දෙනෙක් ශිෂ්‍යයන් බවත් විදේශ සේවා අමාත්‍යංශය පවසයි. දැනට යුක්රේනයේ සිටින ශ‍්‍රී ලාංකිකයන් ගේ ආරක්ෂාව පිළිබඳ  තුර්කියේ අන්කරා නුවර පිහිටි තානාපති කාර්යාල මගින් සොයා බලන බව අමාත්‍යංශය පවසයි.

යුක්රේනයේ  දිනෙන් දින වැඩි වන යුද උණුසුමත් සමග රටවල් රැසක පුරවැසියනට යුක්රේණයෙන් ඉවත්වන ලෙසට දැනුම් දී ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්රේනයේ ශ‍්‍රීලංකාවේ තානාපති කාර්යාලයක් නොමැත. 

මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත්  රාජධානිය, නවසීලන්තය, ඔස්ටෙ‍්‍රිලියාව, ඉතාලිය, ඊශ‍්‍රයාලය, නෙදර්ලන්තය සහ ජපානය ඇතුළුව රටවල් 12 ක් පමණ තම පුරවැසියන්ට යුක්රේනයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇත.

තුර්කියේ අන්කරා නුවර පිහිටි තානාපති කාර්යාලය මගින් ආසන්න ලෙස ශ‍්‍රී ලාංකිකයන් 40 දෙනකු පමණ යුක්රේනයේ සිටින බව දත්ත මගින් ලබා ගෙන ඇති බවත් එය අඩු හෝ වැඩි විය හැකි බව අමාත්‍යංශය පවසයි.

අන්කරා තානාපති කාර්යාලය යුක්රේනයේ සිටින ශ‍්‍රී ලාංකිකයන් පිළිබඳ නිරන්තරයෙන් සොයා බලමින් සන්නිවේදනය සිදු කරන බව අමාත්‍යංශය වැඩි දුරටත් පවසයි.

හදිසි තත්ත්වයකදී යුක්රේනයේ සිටින ශ‍්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සුදුසු සහ කාලෝචිත තීරණ ගැනීමට සුදානමින් සිටින බව විදේශ අමාත්‍යංශය පවසයි.

 



අදහස් (0)

යුක්රේනයේ සිටින ලාංකිකයන් ගැන තුර්කි තානාපති කාර්යාලය විමසිල්ලෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 582 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site