
රුසියාවට ගොස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද යුක්රේනයට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට දුරකතන ඇමැතුමක් ලබා දුන් බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එම දුරකතන සන්වාදයේදී තමන් රුසියන් සහ යුක්රේන ජනාපධිතිවරුන් හමුවී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපතිවරයා ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් දැනුවත් කළේය.
‘නේටෝ’ සංවිධානය මුල්කොට ගනිමින්, රුසියාව සහ යුක්රේනය අතර හටගත් අර්බුදය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීම කෙරෙහි අවධානය යොමු විය. යුක්රේනය සම්බන්ධයෙන් හමුදාමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව රුසියන් ජනාධිපති පුටින් තමන්ට සහතිකයක් ලබා දුන් බව ද ප්‍රංශ ජනාධිපතිවරයා වැඩි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් හමුවේ කියා සිටියේය.
ඇමෙරිකාව මෙන්ම ප්‍රංශය ද ප්‍රබල නේටෝ සාමාජික රාජ්‍යයකි. යුක්රේන රුසියා අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට ප්‍රංශ ජනාපධිති මැක්රොන් මැදිහත් වී සිටින්නේ, යුක්රේනය මුල්කොට ගනිමින් රුසියාව සමඟ යුද්ධයක් නිර්මාණය වුවහොත් එය මුළු මහත් යුරෝපයටත් ලෝකයටත් දරුණු ඵලවිපාක අත්කර දෙනු ඇති බැවිනි.
මේ වනවිට හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය විසඳා ගැනීමට තවත් මාස කීපයක් ගතවනු ඇති බව ද ප්‍රංශ ජනාපධිති මැක්රොන් පැහැදිලි කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd