
වෛද්‍ය පර්යේෂණ, ඖධෂ අත්හදා බැලීම් ආදිය සඳහා සතුන් යොදා ගැනීම නැවැත්වීමට ස්විට්සර්ලන්ත රජය තීරණය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ජනමත විමසුමක් පැවැත්වෙයි.
ඊට අමතරව, සිගරට් සීමා කිරීමේ අරමුණ ඇතිව, දුම්වැටි ප්‍රචාරණය සීමා කිරීම ද මෙම ජනමත විමසුමට ඇතුළත් වනු ඇතැයි පැවැසෙයි.
ජනමත විමසුමේ දී වෛද්‍ය පර්යේෂණ, ඖධෂ අත්හදා බැලීම් සඳහා සතුන් යොදා ගැනීම නැවැත්වීමට තීරණය කළහොත්, ස්විට්සර්ලන්ත ඖෂධ නිෂ්පාදන සමාගම්වලට එයින් දැඩි බලපෑම් එල්ල වනු ඇත.
ලොව ප්‍රධාන පෙළේ ඖෂධ පර්යේෂණ ආයතන ඇත්තේ ස්විට්සර්ලන්තයේය. ලෝ සුපතල ‘රෝච්’ සහ ‘නොවාරිට්ස්‘ යන ඹෟෂධ සමාගම් ඇත්තේ ස්විට්සර්ලන්තයේය.
2020 වසරේ පමණක් ස්විට්සර්ලන්ත පර්යේෂණාගාරවල පර්යේෂණ සඳහා යොදා ගනිමින් මියගිය සතුන් ගණන ලක්ෂ 5 කට වැඩි බව සංඛ්‍යා ලේඛනවල දැක්වෙයි.
ජනමත විමසුමේදී, පර්යේෂණ සඳහා සතුන් යොදා ගැනීම නැවැත්වීමට ස්විට්සර්ලන්ත රජය තීරණය කළහොත්, රටක් එවැනි තීරණයක් ගත් පළමු අවස්ථාව එය වනු ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
583
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ස්විට්සර්ලන්තයේ ජනමත විමසුමක්