
ඉන්දියානු ප්‍රසිද්ධ නළු ගගන් මලික් පැවිදි දිවියට ඇතුල් වී තිබේ. ගගන් මලික් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටියේ සිදුකල විශිෂ්ඨ රඟපෑම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ද ආදරයට පාත්‍ර විය.
පසුගිය 10 වෙනි දින බැංකොක් නුවර ”වට් දැට් තොන්ග්” නම් පන්සලේදී ගගන් පැවිදි දිවියට ඇතුළත්ව ඇත. වාර්තාමය චිත්‍රපටියක් සඳහා බුදු දහමේ ඉගැන්වීම් අධ්‍යනය කිරීමට ඔහු මෙසේ දින 15 කට පැවිදි දිවියට ඇතුළු විය.
2013 වසරේ බෞද්ධ චිත්‍රපටි උළලේ හොඳම නළුවාට හිමි සම්මානය ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටියේ බුදුහාමුදුරුවන්ගේ චරිතය සඳහා ගගන් මලික් දිනාගන්නා ලදි.
විමුක්ති එස් රුද්‍රිගු
(බැංකොක් පොස්ට්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd