
යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, රුසියන් ජනාධිපති හමුවීමට මොස්කව් අගනුවර බලා ගිය අවස්ථාවේදී රුසියන් බලධාරීන් පැවැසුවේ ප්‍රංශ ජනාධිපතිවරයා කොරෝනා පරීක්ෂණයකට යොමු විය යුතු බවය.
කෙසේ නමුත් ප්‍රංශ ජනාධිපති මැක්රොන් ඊට අවසර දී නැත. ඒ, රුසියානුවන් ඔහුගේ ඩී.එන්.ඒ සොරකම් කරාවි යැයි බියක් ඇති වුණු නිසා යැයි ඩේලිමේල් වෙබ් අඩවිය පැහැදිලි කර තිබේ.
මාස්ක් නොමැතිව, රුසියන් ජනාධිපති මුහුණට මුහුණ හමුවීමට නම් අනිවාර්යයෙන් ‘කොවිඩ් 19’ පරීක්ෂණයකට යොමු විය යුතු බව රුසියන් බලධාරීන් ප්‍රංශ ජනාධිපති මැක්රොන්ට දැනුම් දුන්නේ, ඔහු මොස්කව් අගනුවරට ළගා වූ අවස්ථාවේදීය.
ප්‍රංශ ජනාධිපතිවරයා එකහෙළා එය ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව, ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ රුසියන් ජනාධිපති පුටින් අතරේ හමුව සිදුවූයේ මීටර් දෙකකට වඩා දුරක සිට සාකච්ඡා පවත්වමිනි. දෙදෙනා අසුන් ගෙන සිටියේ අඩි 13 ක් දිග මේසයක දෙකෙළවරය.
(ඩේලිමේල්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන්න දෙයක් නෑ මහත්තයා. රුසියාව දැනටමත් ඒක අරගෙන ඇත්තේ. කොහොම වුණත් රුසියා, යුක්‍රේන ප්‍රශ්නයට ප්‍රංශ ජනාධිපති මැදිහත් වෙලා, ඇමරිකාවේ මාධ්‍ය උසි ගැන්නුවාට ආක්‍රමණ කතාව බොරුවක් කියලා ලෝකෙට කියපු එක නම් බොහොම නිර්භීත වගේම උසස් ක්‍රියාවක්. ඒකට අපේ උත්තමාචාරය...!