IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


දැන් ඇති ගෙදර යන්න - කැනඩා අගමැති

'කොවිඩ් 19' වයිරසය සදහා ප්‍රතිශක්තිකරණ එන්නත් අනිවාර්ය කිරීමට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ගත් තීරණයට විරෝධය දක්වමින් දින ගණනක් තිස්සේ ඔටෝවා අගනුවර විරෝධතා පවත්වන ට්‍රක් රථ රියැදුරු සංගම් ඇමැතීමට කැනඩා අග්‍රාමාත්‍ය ටෘඩෝ කටයුතු කළේය.

'දැන් ඇති. ඔබේ අකමැත්ත අපට පැහැදිලියි. දැන් ඉතිං ගෙදර යන්න' යැයි අග්‍රාමාත්‍යවරයා රියදුරු සංගම්වලින් ඉල්ලීමක් කළේය.

තවදුරටත් විරෝධතාවල නියැලී පොලිස් අත්අඩංගුවට පත්වී, අපරාධකරුවන් බවට පත් වී රියැදුරු බලපත්‍ර අහිමි කර ගැනීමට හෝ රැකියා අහිමි කර ගැනීමට හෝ කටයුතු නොකරන්නැයි ද අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ට්‍රක් රථ සංගම්වලින් ඉල්ලා ඇත.

අග්‍රාමාත්‍යවරයා විරෝධතා නවත්වන්නැයි ට්‍රක් රථ සංගම්වලින් ඉල්ලා සිටියේ දහස් ගණනින් සහභාගි වන එම විරෝධතා හේතුවෙන් අගනුවර දෛනික කටයුතු අඩපණ වී ඇති බැවිනි. ඔටෝවා අගනුවර හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.

(බීබීසී)



අදහස් (0)

දැන් ඇති ගෙදර යන්න - කැනඩා අගමැති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 583 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site