IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


යුක්රේනය වට කරලා

රුසියාව තුන් පැත්තකින් යුක්රේනය කොටුකර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
රුසියානු හමුදා බෙලරුස් රාජ්‍යයේ, ක්‍රිමියා අර්ධද්වීපයේ සහ යුක්රේන දේශ සීමා අසල ස්ථානගත කරමින් මෙසේ යුක්රේනය කොටුකර ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඊයේ (12) ඇමෙරිකා ජනාධිපති බයිඩන් සහ රුසියානු ජනාධිපති පුටින් අතර පැයකට ආසන්න කාලයක් පැවති දුරකථන සංවාදයකදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත් රුසියාවට දැඩි වන්දියක් ගෙවීමට සිදුවනු ඇතැයි  ජනාධිපති බයිඩන් අනතුරු ඇඟවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රුසියාවේ යුක්රේන දේශසීමා අසල පමණක් 137,000 රුසියානු හමුදාවක් ස්ථානගත වී සිටින බව විශ්ලේශකයන් පෙන්වා දෙයි.

මේ වන විට බෙලරුස් රාජ්‍යයේ සහ ක්‍රිමියා අර්ධද්වීපය අසල කලු මුහුදේ රුසියා යුද අභ්‍යාස ආරම්භ වී ඇත.කලු මුහුදේ නාවික යුද අභ්‍යාස හේතුවෙන් යුක්රේනයේ නාවික කටයුතු වලටත් බාධා එල්ල වී ඇත.

නාවික යුද අභ්‍යාසයට රුසියානු යුද නෞකා 30 පමණ සහභාගී වන බව පැවසෙයි.
යුද ටැංකි, කාලතුවක්කු, සන්නද්ධ වාහන සහ අනෙකුත් යුද උපකරණ  රුසියාවේ යෙල්නා හමුදා  කඳවුරෙන් යුක්රේන දේශ සීමා දෙසට ගමන් ආරම්භ කර ඇතැයි ඇමෙරිකාවේ මැක්සාර් සමාගම පවසා ඇත.

මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදය,එක්සත් රාජධානිය, නවසීලන්තය, ඔස්ටේ්‍රලියාව, ඉතාලිය, ඊශ්‍රයාලය, නෙදර්ලන්තය සහ ජපානය ඇතුළුව රටවල් 12 ක් පමණ තම පුරවැසියන්ට යුක්රේනයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇත.රුසියාවද වැඩිවෙන යුද උණුසුම හමුවේ තම රාජ තාන්ත්‍රිකයන් යුක්රේනයෙන් ඉවත් කරගනිමින් සිටී.

”මම මේක ගොඩක් කල් ඉදන් කියන්නේ මේ පණිවිඩය මුද්‍රිත,රූපවාහිනී මාධ්‍ය සහ අන්තර්ජාලය මගින් ලෝකෙටම කියන්න,ඔයගොල්ලො දන්නවද යුක්රේනය නේටෝ සංවිධානයට සම්බන්ධ වෙලා යුද ක්‍රියා මාර්ගයක් මගින් ක්‍රිමියා අර්ධද්වීපය නැවත අත්පත් කර ගන්න අදහස් කළොත් මොකද වෙන්නේ කියලා, යුරෝපා රටවලුත් මෙම යුද්ධයට සම්බන්ධ වෙනවා මොකද නේටෝ සංවිධානයේ ව්‍යවස්ථාවේ 5 වෙනි වගන්තියේ තියෙනවා එක නේටෝ රටකට පහර දීම යනු මුළු නේටෝ සංවිධානයට පහර දීමට සමානයි කියලා.නේටෝ සංවිධානයේ හමුදා සමග රුසියානු හමුදා සංසන්ධනය කරන්න බෑ ඒත් රුසියාවට තියනවා නවීන න්‍යෂ්ටික ආයුධ” රුසියානු ජනාධිපති පුටින් මාධ්‍ය සාකච්ඡාවදී ප්‍රකාශ කළේය.

විමුක්ති එස් රුද්‍රිගු
රොයිටර් ඇසුරිනි



අදහස් (0)

යුක්රේනය වට කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 239 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 415 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 732 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site