IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඕනෑම මොහොතක ආක්‍රමණය සිදුවේවි

රුසියාව ඕනෑම අවස්ථාවක යුක්රේනය ආක්‍රමණය කරනු ඇතැයි ද අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් අනතුරු අඟවා ඇත.

සිය තානාපති කාර්යාලවල කාර්යමණ්ඩල ඉවත් කරගනිමින් සහ සිය පුරවැසියන්ට යුක්රේනයෙන් කඩිනමින් පිටවන්නැයි දැනුම් දෙමින් බටහිර රටවල් මෙම අනතුරු ඇඟවීම කර තිබේ.

මෙම තත්ත්වය මධ්‍යයේ අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ ඊයේ (12) පැයක දුරකතන සංවාදයක් පැවැති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ අතර මෙම මාධ්‍ය හමුවේදී කිසිදු නිශ්චිත තීරණයක් ගැනීමට දෙපාර්ශවයම අපොහොසත් වූ බව එම මාධ්‍ය වාර්තාවල දැක්විණි.

ජනාධිපතිවරුන් දෙදෙනා අතර දුරකතනය සංවාදය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පැවැතිය ද එහිදි නිශ්චිත තීරණයක් හෝ රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට හෝ එළැඹීමට ඔවුන් අපොහොසත් වූ බව විදෙස් වාර්තා කර තිබිණි.

සිය ප්‍රශ්නවලට පිළිතුරු දීමට හෝ රුසියාවට බලපාන කරුණු සම්බන්ධයෙන් සැලකිල්ල යොමු කිරීමට අමෙරිකාව අපොහොසත් වී ඇති රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ අවස්ථාවේ දී අමෙරිකානු ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ක්‍රෙම්ලීනය උපුටා දක්වමින් විදෙස් වාර්තා කර තිබිණි.

රුසියාව යම් හෙයකින් යුක්රේනය ආක්‍රමණය කළහොත් ඊට දැඩි ප්‍රතිචාර දක්වන බවත් බොහෝ පිරිසකට පීඩා විඳීමට සිදුවන බවත් රුසියාව හුදෙකලා වනු ඇති බවටත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුසියානු ජනාධිපතිවරයාට අනතුරු අඟවා ඇතැයි ද එම වාර්තාවල දැක්විණි.

චීනයේ බීජිං නුවර පැවැත්වෙන ශීත ඔලිම්පික් උලෙළ අවසන් වීමට පෙර රුසියාව, යුක්රේනට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවාන් අනතුරු ඇඟවීය. කෙසේ නමුත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැතැයි ද බුද්ධි තොරතුරු උපුටා දක්වමින් ඔහු පැවැසීය.

රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා චීනයේ බීජිං නුවර පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උලෙළ අවසන් වනතුරු බලා සිටින බව අමෙරිකා එක්සත් ජනපද බුද්ධි අංශ උපුටා දක්වමින් ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා ඊයේ (12) වාර්තා කර තිබිණි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ශීත ඍතු ඔලිම්පික් උලෙළ අවසන් වීමෙන් පසු යුක්රේනය ආක්‍රමණය කිරීමට මුලදී සැලසුම් කර සිට ඇතැයි ද එම වාර්තාවේ දැක්විණි.

චීනය, රුසියාවේ සමීප සහ තීරණාත්මක මිත්‍රයකු වන අතර එබැවින් චීන ජනාධිපති ෂී ජින්පින්ග් තරහ කර නොගැනීමක් ලෙස එලෙස ශීත ඍතු ඔලිම්පික් උලෙළ අවසන් තෙක් බලා සිටීමට රුසියානු ජනාධිපති පුටින් මුලදී සැලසුම් කර සිටි බව ට ඇමෙරිකානු බුද්ධි නිලධාරීන් විශ්වාස කර ඇත.

කෙසේ නමුත් පසුගිය දින කිහිපයේදී රුසියාව සිය පියවර ඉක්මන් කර ඇති අතර බයිඩන් පරිපාලනය පසුගිය සතියේදී ප්‍රසිද්ධියේ පිළිගත්තේ ය.

රුසියානු හමුදා ලක්ෂයකට වැඩි පිරිසක් මේ වනවිට යුක්රේන දේශසීමාවට ගොස් ඇතැයි ද රුසියානු හමුදා යුද අභ්‍යාසවල නිරත වන්නේ යැයි ද විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්විණි.

(රොයිටර්)



අදහස් (0)

ඕනෑම මොහොතක ආක්‍රමණය සිදුවේවි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 583 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site