ජර්මනියේ දුම්රිය පීලි පැනීමක්: 3 ක් මියයති
නිරිතදිග ජර්මනියේ, මගී දුම්රියක් පීලි පැන සිදුවුණු අනතුරින්, එහි ගමන් කරමින් සිටි මගීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 15 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කෙරුණි. තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් පැවැසෙයි.