ඇමෙරිකාවේ නාසා ආයතනය ඔවුන්ගේ 24 වැනි ගගනගාමී කණ්ඩායම ලොවට හඳුන්වා දීම පසුගිය දා සිදු කළේය. ඔවුන්ගේ 24 වැනි ගගනගාමී කණ්ඩායම ගගනගාමීන් 10 දෙනකුගෙන් සමන්විතය.

කාන්තාවන් 6 දෙනකු සහ පිරිමින් සිවු දෙනකු ඊට ඇතුළත්ය. 2021 වසරෙන් පසු නාසා ආයතනය විසින් තෝරාගත් පළමු ගගනගාමීන් කණ්ඩායම ලෙස සැලකෙන්නේ ද මොවුන්ය.

එපමණක් නොව, මෙම පිරිස ඉදිරි වසර දෙකක කාලය තුළ පුහුණුව ලබනු ඇත්තේ අඟහරු ග්‍රහයා බලා යෑමටය. නාසා ආයතනය මෙම 10 දෙනා තෝරාගෙන ඇත්තේ 8,000 ක් අතරින් වීම ද විශේෂත්වයකි.

විද්‍යාඥයන්, ඇමෙරිකන් ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් නියමුවන්, ඉංජිනේරුවන් වැනි විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිසක් මෙම කණ්ඩායමට ඇතුළත් වෙයි.