
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය පැවැත්වෙන අතරතුරේ, ඊට සහභාගී වූ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙනි.
ට්‍රම්ප් උත්සාහ ගනිමින් සිටින්නේ රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටය. ඔහු අයිස්ලන්තයේ දී රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද හමුවී, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. සාමයට කැමැති බව පැවැසුවත්, රුසියන් ජනාධිපති පුටින් යුද්ධය අවසන් කර නොමැති අතර, මේ වනවිට දිගට හරහට රුසියන් හමුදා යුක්රේනයේ නගරවලට පහර දෙයි.
සෙලෙන්ස්කී හමුවී සාකච්ඡා කරද්දි, ට්‍රම්ප් කියා සිටියේ, රුසියාව විසින් යුක්රේනයේ අල්ලා ගනු ලැබ ඇති සියලු ප්‍රදේශ ආපසු ලබා ගැනීමට යුක්රේනයට හැකියාව ඇති බවය.
බටහිර මිතුරන්ගෙන් යුක්රේනයට මුදල් සහාය ලැබෙන බවත්, උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානයේ සහාය ලැබෙන බවත් ඉවසීමෙන් කටයුතු කළොත් රුසියාව විසින් මේ වනවිට අත්පත්කරගෙන ඇති යුක්රේනයට අයති සියලු ප්‍රදේශ යළි යුක්රේනයට ලබා ගැනීමට හැකිවනු ඇති බවත් ට්‍රම්ප්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුවේ පැවැසීය.
2025 නොවැම්බර් මස 04
386
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2169
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප් යුක්රේන ජනපති හමුවෙයි