ඇෆ්ගනිස්තානයේ බාග්‍රම් ගුවන් හමුදා කඳවුර ආපසු ඇමෙරිකාවට ලබා දෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇෆ්ගන් තලේබාන් රජයට නියෝග කර ඇති නමුත් ඇෆ්ගන් තලේබාන් රජය ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ ඇමෙරිකන් ජනාධිපතිවරයාට ඇෆ්ගනිස්තානයෙන් එක් බිම් අඟලක් හෝ ලබා නොදෙන බවය.

බාග්‍රම් ගුවන් කඳවුරේ පාලනය යළි අමෙරිකාව වෙත ලබාදීමට කටයුතු නොකරන්නේ නම්, අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණු දීමට සිදුවනු ඇතැයි ජනාධිති ට්‍රම්ප් ඇෆ්ගන් තලේබාන්වරුන්ට අනතුරු ඇඟවිමක් ද කර තිබේ.

ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ 2001වසරේදීය. ඒ, 2001සැප්තැම්බර් 11වැනිදා ඇමෙරිකාවට බහර දුන් අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඇෆ්ගනිස්තානයේ සැඟවී සිටි බැවිනි.