නළු තලපති විජේගේ තමිල්ලාගා වෙට්රි කසාගම් පක්ෂයේ දේශපාලන රැලියක් අතරතුරේ සිදුවුණු තෙරපීමකින් 38 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 46 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කෙරුණි. මියගිය 38 දෙනා අතර කාන්තාවෝ 16 දෙනෙකු සහ කුඩා දරුවෝ 10 ක් ද සිටිති.

දේශපාලන රැලිය පැවැත්වූයේ තමිල්නාඩුවේ කරූර් දිස්ත්‍රික්කයේය. රැලියට සහභාගී වූ ගණන 30,000 කට වැඩි යැයි පැවැසෙයි. රැලිය පැවැත්වූ ස්ථානයේ ඉඩකඩ සිමා වූ බවත්, එහි ඉඩකඩ තිබුණේ 10,000 ක පිරිසකට පමණක් බවත් පොලිසිය පවසා ඇත.

තලපති විජේ රැලිය ඇමතීමට පැමිණියේ පැය 7 ක ප්‍රමාදයකින් පසුවය. විජේ වේදිකාවය නැග පිරිස අමතද්දී, තෙරපීම හටගත්තේය. පොලිසිය පැවැසුවේ රැස්ව සිටි පිරිස විජේ දැක ගැනීමට උත්සාහ ගනිද්දී තෙරපීම හටගත් බවය. තමිල්ලාගා වෙට්රි කසාගම් යනු තලපති විජේ විසින් පිහිටුවනු ලැබූ දේශපාලන පක්ෂයයි.