ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි. ඒ, ගාසා තීරයේ සටන් නවත්වා, ගාසා පලස්තීනුවන් වෙනුවෙන් නව සටන් විරාමයක් ස්ථාපිත කිරීමේ අරමුණින්ය.
සටන් විරාමය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වී කරුණු විස්සක් ඇතුළත් සාම සැලැස්මක් නිර්මාණය කර ඇත. ඒ, මැදපෙරදිග මුස්ලිම් රටවල රාජ්‍ය නායකයන්ගේ ද උපදෙස් අනුවය.
පසුගිය දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වූ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් ද ධවල මන්දිරයට පැමිණියේය. ඒ ට්‍රම්ප්ගේ විශේෂ ඇරැයුමකට අනුවය. එම අවස්ථාවේදී ද ගාසා අර්බුදය ගැන සාකච්ඡා කෙරුණි.
ට්‍රම්ප් පරිපාලනය විසින් සකස් කරනු ලැබූ සාම සැලැස්මට, ගාසා තීරය පලස්තීනුවන්ට පවරා දීම, ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් පිටවී යෑම, හමාස් ග්‍රහණයේ සිටින ඉතිරි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීම ආදී කරුණි ඊට ඇතුළත් වෙයි.
සාකච්ඡාවලින් පසු, ට්‍රම්ප් සහ නෙදන්යාහු ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වූහ. එහිදී සාම සැලැස්ම ගැන විස්තර අනාවරණය වූ අතර, ට්‍රම්ප් අවධාරණය කළේ සාමය වෙනුවෙන් ඉතා වැදගත් පියවරක් තැබීමට තමන්ට හැකිවුණු බවය.
මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය තමන්ට හිමිවේවි යැයි ද ට්‍රම්ප් තුළ විශ්වාසයක් පවතී. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු, ට්‍රම්ප්ගේ නම නොබෙල් කමිටුවට යෝජනා කර ඇතැයි ද පැවැසෙයි.
ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වී සකස් කළ කරුණු 20 කින් සමන්විත සාම සැලැස්මේ එක් කරුණක් වන්නේ හමාස් සංවිධානය නිරායුධ විය යුතු බවත්, හමාස් සංවිධානයේ දේශපාලන අංශයේ සියලු නායකයන්ට සමාව ලබා දෙන බවත්ය.
මේ වනවිට එම සාම සැලැස්ම හමාස් සංවිධානයට යොමු කර ඇති බවත් හමාස් නායකයන් ඒ ගැන විමසා බලමින් සිටින බවත් විදෙස් මාධ්‍ය ඊයේ (29) වාර්තා කළේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඊශ්‍රායල අගමැති ධවල මන්දිරයේ