ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සහ අවට නගරවල එච්3එන්2 ඉන්ෆ්ලුවෙන්සා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

තද උණ, දිගටම පවතින කැස්ස, ඇඟපත වේදනාව, තෙහෙට්ටුව සහ උගුරේ වේදනාව රෝග ලක්ෂණ වන අතර, වෛද්‍යවරුන් පවසන්නේ එච්3එන්2 රෝගීන්ගේ කැපී පෙනෙන ලෙස වැඩිවීමක් දකින්න ලැබෙන බවය.

එච්3එන්2 යනු ඉන්ෆ්ලුවෙන්සා ඒ වයිරස ප්‍රභේදයකි. ඉන්ෆ්ලුවෙන්සා සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් පමණක් නොව, ප්‍රතිජීවක ඖෂධ ද ඇත. ඕනෑම කෙනකුට එච්3එන්2 වයිරසය ආසාදනය විය හැකි නමුත්, ළමුන්, වැඩිහිටියන්, ගර්භනී කාන්තාවන් සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධති ඇති පුද්ගලයින්ට එය සංකූලතා ඇති කිරීමට හැකි යැයි වෛද්‍යවරු පෙන්වා දෙති.

එච්3එන්2 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මුහුණු ආවරණ පලඳින ලෙසත්, දෑත් සෝදා පිරිසුදුව තබා ගන්නා ලෙසත් වෛද්‍යවරුන් උපදෙස් දී ඇත.