ෆින්ලන්තයේ පෝර්නයිනන් නගරය, ලොව විශාලතම වැලි බැටරිය ස්ථාපනය කරමින් බලශක්ති විසඳුම් කරා තවත් පියවරක් ඉදිරියට තබා ඇත. නව තාක්‍ෂණය මඟින් විදුලි ගාස්තු අඩු අවස්ථාවලදී තාපය නිපදවා පසුව අවශ්‍ය වූ විට ප්‍රයෝජනයට ගැනීමට හැකිවෙයි.
5,000 ක පමණ ජනතාවක් වෙසෙන පෝර්නයිනන් නගරයේ නිවාස සහ අනෙකුත් ගොඩනැගිලි දිස්ත්‍රික් තාපන පද්ධතියක් හරහා උණුසුම් කිරීම සඳහා මෙම වැලි බැටරිය යොදා ගැනෙයි. ලොවිසන් ලැම්පෝ සමාගම පෝලර් නයිට් සමාගම සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ඇත.
පාරිසරික දූෂණය අවම කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. ඒ අනුව, දැව සහ තෙල් දහනය කිරීම වෙනුවට සබන්ගල් නමැති ගල් විශේෂය රත් කිරීමෙන් තාපය නිපදවනු ලැබේ. සෙල්සියස් අංශක 400 දක්වා රත් කළ හැකි මෙම ගලට තාපය මාස ගණනක් රඳවා ගැනීමේ හැකියාව ඇත.
මෙම වැලි බැටරිය 2035 දේශගුණික ඉලක්ක සපුරා ගැනීමට බෙහෙවින් උපකාරී වන බව ලොවිසන් ලැම්පෝ සමාගමේ ප්‍රධානී මිකෝ පාජානන් පවසයි.
මෙම තාක්ෂණය දැනට විදුලිය තාපය බවට පරිවර්තනය කිරීමට පමණක් සීමා වී ඇති අතර ඉදිරියේදී ගබඩා කර ඇති තාපය නැවත විදුලිය බවට පත් කිරීමේ හැකියාව පිළිබඳව පර්යේෂණ සිදු කිරීමට නියමිතය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වැලි බැටරියක් ෆින්ලන්ත නගරයක් උණුසුම් කරයි