
ඉන්දුනීසියාවේ, ජාවා නුවර ඉස්ලාමීය පාසලක දෙමහල් නේවාසිකාගාර ගොඩනැගිල්ලක් හිටිහැටියේ බිමට සමතලා වීමෙන් සිසුහු තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සුන්බුන් අතරේ සිරවුණු ගණන 38 කි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් 101 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය. ඔවුන්ගෙන් ද කිහිප දෙනකුගේ තත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් පැවැසෙයි.
මියගොස් ඇත්තේ 13 හැවිරිදි දරුවන් තිදෙනෙකි. නේවාසිකාගාරයේ සිට ඇත්තේ අවුරුදු 12 ත් 17 ත් වයස්වල දරුවන් යැයි ද වාර්තා වේ. ගොඩනැගිල්ල කඩා වැටෙද්දී, දරුවන් යාඥා කිරීම සඳහා ප්‍රධාන ශාලාවට රැස්ව සිටි බව ද වාර්තා වේ. ගොඩනැගිල්ල කඩා වැටී ඇත්තේ එය නිසි ලෙස නඩත්තු නොකළ බැවින් යැයි චෝදනා එල්ල වෙමින් පවතී.
සුන්බුන් අතරින් තවත් දරුවන් 11 දෙනකු මුදා ගැනීමට ද දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වූ බව ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd