
චීනය ලෝකයේ උසම පාලම අද (28) විවෘත කෙරුණි.
‘හුවාජියැං ග්‍රෑන්ඩ් කැනියන් බ්‍රිජ්’ යනුවෙන් නම් කළ මෙම පාලම, නිරිතදිග චීනයේ ගුයිෂු පළාතේ පිහිටි හුවාජියැං මහා කැනියමට ඉහළින් ඉදි කර ඇත.
පාලම මීටර් 2,890 ක දිගකින් යුක්තය. කැනියම හරහා, පහළින් ගලා බසින ගංගාවට මීටර් 625 ක් ඉහළින් පාලම ඉදි කර ඇත.
මෙම පාලම පෘථිවියේ ඇති උසම පාලම පමණක් නොව, කඳුකර ප්‍රදේශයක ඉදි කෙරුණු ලොව විශාලතම පාලම ලෙස ද මේ වනවිටත් වාර්තා අතරට එක් වී අවසන්ය.
මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු 2022 මුලදී ආරම්භ විය. කැනියම හරහා මෙවැනි පාලමක් ඉදි කිරීම විශාල අභියෝගයක් වූ බව ඊට සම්බන්ධ වූ ඉන්ජිනේරුවෝ පවසති.
පාලමේ ඉදි කිරීම් සඳහා නවිනතම පරිගණක තාක්ෂණය, ඩ්‍රෝන තාක්ෂණය භාවිතයට ගෙන තිබේ.
පාලම ඉදි කිරීමෙන් පසු ගුයිෂු පළාත හරහා පැය දෙකයි මිනිත්තු දෙකක කාලකින් ගමන් කළ හැකි බව චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ලෝකයේ උසම පාලම් බොහොමයක් ඇත්තේ ද චීනයේ කඳුවලින් පිරුණු මෙම ගුයිෂු පළාතේය. චීන මාධ්‍ය වාර්තා අනුව මේ වන විට පාලම් 32,000කට අධික සංඛ්‍යාවක් ඉදිකර ඇති හෝ ඉදිකරමින් පවතී. ලෝකයේ උසම පාලම් 100න් අඩකට ආසන්න සංඛ්‍යාවක් පිහිටා ඇත්තේ ද ගුයිෂු පළාතේ ය.
2025 දෙසැම්බර් මස 04
536
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
483
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලෝකයේ උසම පාලම විවෘත වෙයි