
ප්‍රංශ අපරාධ අධිකරණය, එරට හිටපු ජනාධිපති නිකොලස් සාකෝසිට වසර පහක සිර දඬුවමක් නියම කළේය.
ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේ, ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීතිවිරෝධී අරමුදල් ලබා ගැනීමේ නඩුවකට හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි වරදකරු වූ බවය.
සාර්කෝසි 2007 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගෙන් ලැබුණු එම මුදල් යෙදවීමෙන් යැයි ද චෝදනා එල්ල වී තිබුණි.
කෙසේ නමුත්, නීතිවිරෝධී අයුරින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මුදල් සැපයීම ඇතුළු මෙම නඩුවේ අනෙකුත් සියලු චෝදනාවලින් සාර්කෝසි නිදහස ලැබූ බව ද පැවැසෙයි.
සාර්කෝසි දේශපාලනයෙන් සමුගත්තේ, 2017 වසරේදීය. ප්‍රංශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඔහු අභියාචනයක් ඉදිරිපත් කළ ද, එය විභාග වන තුරු හෝ වෙනත් නීතිමය ක්‍රියාමාර්ගයක් මගින් දඬුවම අත්හිටුවන තුරු, සාර්කෝසිට සිර දඬුවම විඳීමට සිදුවනු ඇති බවය.
70 හැවිරිදි සාකෝසි 2007 සිට 2012 දක්වා ප්‍රංශයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆි අමු අමුවේ ඝාතනය වූයේ 2011 වසරේ ඔක්තෝබර් 20 වැනිදාය. ඊට හේතුව වූයේ, බටහිර උසි ගැන්වීමෙන් ලිබියාවේ හටගත් ජනතා කැරැල්ලය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2010 දී සරත් ෆොන්සේකාට සල්ලි මලු විසි කළේ බටහිර රටවල්ය. 2015 දී මෛත්‍රීපාල සිරිසේනට ඉන්දියාව තල්ලුව දුන්නේය. 2024 දී අනුර කුමාර දිසානායකට මුදල් පොම්ප කළේ යූඑස් ඒඩ් ඇතුලු බටහිර රටවල්ය. විකිලීක්ස් කේබල් මඟින් ද මේවා එළිදරවු වුණේය. නමුත් මේ සම්මජාතියේ නඩු වැටෙන්නේ නැත. නඩුත් බඩුත් දෙකම එකම පිලේ හාංදුරුවන්ගේ නිසායි.
ගඩාෆි කිව්වම දෙපාරක් කැරළි ගහපු එක්තරා ත්‍රස්ත සංවිධානයකට මුදල් ලැබුනෙත් ගඩාෆිගෙන් කියන කතාව මතක් වුණා...
ගඩාෆි කිව්වාම දෙපාරක් කැරළි ගහපු එක්තරා ත්‍රස්ත සංවිධානයකට මුදල් ලැබුනේත් ගඩාෆිගෙන් කියන කතාව මතක් වුණා...
හිටපු ජනපති හිරේ - අපිට මේ සතුට දෙපාරක්ම ලැබෙන්නේ කවදාද? ඥාණක්කේ කියන්නකෝ ! ! !
බයි රැල ඉක්මනට පැරිස් හංදියට එන්න...
අපේ දේශපාලුවෙක් හිරේ දැම්මම 'Sir බය වෙන්න එපෝ', 'අපි ඔබ සමගයි' කියලා මැරෙන්න හදනවා. කාලකන්නි.
කිරිමුට්ටි ගෙනියන්න තැනක්, තිස්ස කුට්ටිට වැඩ ඕසෙට
Max _. කම් කම් කම් Gunaya ගෝ Gunaya ගෝ Gunaya ගෝ
ගුණරත්න බයියන්ඩිගේ කථාව සහතික ඇත්ත. අපේ සමාගමෙන් අනුමත කරනවා. පියාණෝයි රාජාණෝයි දෙපාරක් ත්‍රස්ත LTTE එකට මුදල් දුන්නා
ප්‍රංශයේ අයිෆල් කුලුන වටේ, ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයට විරුද්ධව උද්ඝෝෂණ!
මේරටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී, නීති ගරුක පිරිසක් නිසා, අපෙ සකල සිරින් පිරි සිරි ලංකාවේ අය මෙන් "හොස්ස ලගින් මැස්ස" ගියත්, ලිප්ටන් වටරවුම හෝ ගාළු මුවදොර පිටියේ උද්ගෝෂණ කරන්න පාරට බහින්න සූදානම් නැත. මෙහෙ ජනතාවට කිරීමට වෙනත් වැදගත් වැඩ කටයුතු තිබේ.. කොහොම වුනත් ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව හිගමනට පත්කර, ඔවුන්ගේ මඩි තර කර ගත් හිටපු ජනාධිපති, මැති ඇමති රංචු පිටින් කූඩු වල ලගිනවා අසන්නට, බලන්නට මටත් තිබෙන්නේ අසීමිත, අහිංසක ආසාවකි ...
ඒ රටේ නම් ලංකාවේ වගේ ප්‍රබූ හොරු බෙරගන්න වහල්ලු ඇවිල්ල උසාවිය ඉදිරිපිට උත්ගොශ්නය කරන්නේ නැහැ වගේ , ලංකාවට ඒ රට වල තත්වෙට එන්න තව සැහෙන්න කල් යයි