රාත්‍රී සමාජ ශාලාවක වහලය කඩා වැටී 79 ක් මරුට කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 160 කි. 10 April 2025
ආසියානු කොටස් වෙළෙඳපොළ ඉහළට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අගය ඉශල යෑම ආරම්භ විය. 10 April 2025
ගර්භාෂ බද්ධයෙන් පසු සාර්ථක දරු උපතක් බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 10 April 2025
ඇමෙරිකා එන්න: බදු ගහන්නේ නැහැ ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදලක් ගෙවීමට සිදුනොවනු ඇතැයි ද ට්‍රම්ප් පැහැදිලි කර ඇත. 10 April 2025
පලස්තීනය පිළිගන්න මැක්රොන් සූදානම් පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වනු ඇතැයි විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 10 April 2025
චීන ජාතිකයෝ 155 ක් යුක්රේන සටන් බිමේ චීන ජාතිකයන් 155 දෙනකු පමණ රුසියාවට සහාය පළ කරමින්, යුක්රේන හමුදා සමඟ සටන් වදින බව යුක්රේන බුද්ධි අංශ අනාවරණය කර ඇත. 10 April 2025
චාල්ස් රජු පාප්තුමා හමුවෙන්න ගිහිල්ලා ඉතාලියේ සිවුදින නිල සංචාරයක යෙදෙන තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින, වතිකානයේ දී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් හමුවූහ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය පෞද්ගලික හමුවක් බවය. 10 April 2025
බොරතෙල් බැරලයක මිල පහළට ඇමෙරිකාවේ නව තීරු බදු හේතුවෙන්, බොරතෙල් බැරලයක මිල සියයට 6.68 කින් පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, WTI බොරතෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 55.60 දක්වා පහළ වැටී ඇති බව වාර්තා වෙයි. 10 April 2025
තීරුබදුවලට ට්‍රම්ප්ගෙන් විරාමයක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහු විසින් ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් රැසකට ප්‍රකාශයට පත් කළ තීරු බදු පැනවීම, දින 90 ක කාලයක් සඳහා අත්හිටුවා ඇත. 10 April 2025
බදුවලට එරෙහි වෙමු: චීනය ඉන්දියාවට කියයි ට්‍රම්ප් පරිපාලනය විසින් පනවන ලද තීරුබදු හමුවේ, ඊට මුහුණ දී, ඉන්දියාව සහ චීනය එක්ව, අභියෝග ජය ගැනීම කළ යුතු යැයි චීන රජය වෙනුවෙන් ප්‍රකාශ කළේ, ඉන්දියාවේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශක යූ ජිං ය. 09 April 2025
ඩුබායි කුමරු මෝදි හමුවන්න ඇවිල්ලා ඩුබායි ඔටුන්න හිමි කුමරු මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්, ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා පැමිණියේය. 09 April 2025
චීන සෙබළු දෙදෙනෙක් යුක්රේන හමුදා ග්‍රහණයට රුසියාවට සහාය පළ කරමින්, රුසියන් යුක්රේන යුද්ධයට සම්බන්ධ වී, යුක්රේන හමුදාවට එරෙහිව සටන් වැදුණු චීන ජාතිකයන් දෙදෙනකු අල්ලා ගැනීමට තම හමුදා සමත් වී ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 09 April 2025
දේශසීමා පසු කරන්න හැදූ උතුරේ සෙබළුන්ට වෙඩි ප්‍රහාර උතුරු කොරියන් සොල්දාදුවන් පිරිසක්, දකුණු කොරියානු දේශසීමාව උල්ලංඝනය කළ බැවින්, ඔවුන්ට අනතුරු අඟවමින් වෙඩි තැබීමට පියවර ගත් බව දකුණු කොරියානු හමුදාව පවසයි. 09 April 2025
රාත්‍රී සමාජ ශාලාවක වහලය කඩා වැටී 79 දෙනෙක් මරුට කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 160 කි. 09 April 2025
අවුරුදු 12,000 ක් පැරණි වෘකයට පණ දීලා වසර 12,500 කට පෙර ජීවත් වූ, මිහිමතින් වඳ වී ගිය, ‘ඩයර් වුල්ෆ්’ යන නමින් හැඳින්වෙන වෘකයන්ට පණ දීමට ඇමෙරිකානු විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති. 08 April 2025
ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය: බේරුමක් කරගන්න සාකච්ඡා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පැනවූ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්, වාසිදායී එකඟතාවක් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට, රටවල් රැසක් ඇමෙරිකන් රජය සමඟ සම්බන්ධ වී සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. 07 April 2025
කොංගෝ ගංවතුර 30 ක් බිලිගනී අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ, කින්ෂාසා අගනුවර ජලයෙන් යටවිය. ඒ, පසුගිය දින කීපය තිස්සේ නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙනි. 07 April 2025
යුක්රේන අගනුවරට රුසියන් මිසයිල ප්‍රහාර රුසියන් හමුදාව, කීව් අගනුවර ඉලක්ක කර ගනිමින්, ගුවන් ප්‍රහාර එල්ල කළේය. එම ගුවන් ප්‍රහාරවලින් යුක්රේන සිවිල් වැසියන් 19 දෙනකු ජීවිතක්ෂට පත් වුණු බවත්, ඔවුන් අතර කුඩා දරුවන් නව දෙනකු සිටින බවත් පැවැසෙයි. 07 April 2025
පාප්තුමා ශාන්ත පීතර චතුරස්රයේ වතිකානයේ ශාන්ත පීතර චතුරස්රයට රැස්ව සිටි කතෝලික බැතිමතුන් පුදුම කිරීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් සමත් විය. ඒ, මිනිත්තු කීපයකට ඔවුන් ඉදිරියේ පෙනී සිටිමිනි. 07 April 2025
ඇමෙරිකාවේ ටෙක්සාස් සරම්ප වසංගතය දරුණුයි ඇමෙරිකාවේ බටහිර ටෙක්සාස් ජනපදයේ, සරම්ප වයිරස වසංගත තත්වය දරුණු බව එරට සෞඛ්‍ය අංශ පවසයි. 07 April 2025
හිතුමතේ පැනවූ තීරු බදු ඇමෙරිකන් ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් මිත්‍ර පාර්ශ්වීය රටවලට පමණක් නොව, ප්‍රතිවාදී රටවලට ද තීරු බදු පැනවීමක් කළේ පසුගිය අප්‍රේල් දෙවැනිදාය. තීරු බදු පැනවීම් කළ මිත්‍ර පාර්ශ්වීය රටවල් අතරට යුරෝපා රටවල්, ඉන්දියාව, ජපානය සහ චීනය සිටී. 06 April 2025
පාම්බන් පාලම මෝදි අතින් විවෘත වෙයි රාම දෙවියන්ගේ ජන්ම දිනය ලෙස සැලකෙන රාම නවමි දිනය අදට යෙදී ඇති අතර, ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් යළි ඉන්දියාව බලා ගිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, තමිල්නාඩුවේ, පාම්බන් පාලම විවෘත කළේය. 06 April 2025
කොරියන් ජනපතිගේ දෝෂාභියෝගය සම්මත වෙයි දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහිව ගෙනා දෝෂාභියෝගය, එරට ව්‍යවස්ථා අධිකරණය විසින් ඒකමතිකව සම්මත තහවුරු කෙරුණි. 04 April 2025
ශ්‍රී ලංකාවට සියයට 44 ක තීරු බද්දක් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 25 ක් සදහා තීරු බදු ප්‍රකාශයට පත් කර ඇති අතර ශ්‍රී ලංකාවෙන් ලැබෙන සියලුම භාණ්ඩ සඳහා සියයට 44 ක තීරු බද්දක් පැනවීමටත් තීරණය කර ඇත. 03 April 2025
ඊශ්‍රායල හමුදා බේරූට් අගනුවරට බෝම්බ දමයි ඊශ්‍රායල හමුදා, ලෙබනනයේ බීරූට් අගනුවරට දිගින් දිගටම බෝම්බ හෙලන බව වාර්තා වේ. ඒ, ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි. එසේ එල්ල කළ ප්‍රහාරවලින්, ලෙබනන් සිවිල් වැසියෝ සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 02 April 2025
චීන විදෙස් ඇමැති රුසියාවේ සංචාරයක චීනය සහ රුසියාව සදාකල් මිතුරන් බවත්, එම මිත්‍රත්වය කිසිදා වෙනස් නොවන බවත් චීන විදේශ අමාත්‍ය වංග් ඊ පවසයි. චීන විදේශ අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, රුසියාවේ මොස්කව් අගනුවරදී රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින් හමුවී සාකච්ඡා පැවැත් වූ අවස්ථාවේදීය. 02 April 2025
රුසියා හමුදාවට අලුත් තරුණයෝ 1,60,000 ක් රුසියාව සිය හමුදා ශක්තිය වැඩි කරගනිමින් සිටින අතර, අවුරුදු 18 ත් 30 ක් අතරේ තරුණයන් 1,60,000 ක පිරිසක්, හමුදාවට බඳවා ගන්නැයි එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝග කර තිබේ. 02 April 2025
හොලිවුඩ් නළු වැල් කිල්මර් සමුගනී ජනප්‍රිය හොලිවුඩ් නළු වැල් කිල්මර් දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 65 කි. 2014 වසරේ වැල් කිල්මර් පිළිකා රෝගියකු ලෙස හඳුනා ගැනුණි. පිළිකාව වර්ධනය වූයේ උගුරේය. වැල් කිල්මර්ට කතා කිරීමට පවා නොහැකි විය. 02 April 2025
සිරියා අන්තර්වාර රජයට නව ඇමැති මණ්ඩලයක් සිරියාවේ නව අන්තර්වාර රජයේ නව අමාත්‍ය මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීම, එරට අන්තර්වාර ජනාධිපති අහ්මද් අල් ෂාරාගේ ප්‍රධාන්වයෙන් සිදුවිය. 31 March 2025
මට විරුද්ධ වෙන්න එපා: දිගට හරහට බෝම්බ දානවා තමන්ට විරුද්ධ වන්නේ නම්, ඉරානයට දිගට හරහට බෝම්බ දමන බව ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් තර්ජනය කරයි. ට්‍රම්ප්, මෙසේ තර්ජනය කළේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි. 31 March 2025
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026