ඇමෙරිකාවේ ප්‍රබල දේශපාලන ක්‍රියාකරුවකු වූ චාලි කර්ක්ගේ අවමංගල්‍යයට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම බිලියනපති ඉලොන් මස්ක් ද සහභාගී වූ බවත්, එහිදී මත ගැටුම් අවසන් කර, එදිරිවාදිකම් පසෙකලා අතට අත දී සුහදත්වය වර්ධනය කර ගැනීමට ට්‍රම්ප් සහ මස්ක් සමත් වූහ.

31 හැවිරිදි චාලි කර්ක් වෙඩි තබා ඝාතනය කෙරුණේ ඔහු ඇමෙරිකාවේයූටාජනපදයේ, විශ්ව විද්‍යාලයක එළිමහනේ පැවැති රැලියකට සහභාගි වෙමින් සිටියදීය. වෙඩි තැබීම කළේ ස්නයිපර් තුවක්කුකරුවෙකි. වෙඩික්කරු යැයි සැකකරුවකු හඳුනා ගෙන ඇති නමුත් ඔහු අල්ලා ගැනීමට ආරක්ෂක අංශ තවමත් සමත් වී නැත.

2024 වසරේ, ට්‍රම්ප්ගේ  ජනාධිපතිවරණ සටන වෙනුවෙන් විශ්ව විද්‍යාල මට්ටමින්, තරුණ තරුණියන්ගේ ඡන්ද ට්‍රම්ප්ට ලබාදීමට කැපවීක කටයුතු කළ තැනැත්තකු වන්නේ චාලි කර්ක්ය. ට්‍රම්ප්ට සහාය දෙන 'ඇක්ටිව්යූත්' තරුණ සංගමයේ නිර්මාතෘ වන්නේ ද කර්ක්ය.

මත ගැටුම් හේතුවෙන් ට්‍රම්ප් සහ මස්ක් අමනාප වූ අවස්ථාවේදී, ඔවුන් දෙදෙනා යළි මිතුරු කිරීමට වෙහෙසුණු තැනැත්තකු ලෙස ද චාලි කර්ක් සැලෙකයි.

කර්ක් වෙනුවෙන් ඇරිසෝනා ජනපදයේ ෆීනික්ස් නුවරදී පැවැත්වුණු එම අවමංගල උත්සවයේදී, කර්ක්ගේ බිරිඳ එරිකා ට්‍රම්ප් අසල කඳුළු සලමින් කියා සිටියේ තමන් තම සැමියාගේ ඝාතකයන් ට සමාව දෙන බවය.