තම න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් බලපෑම් නොකරන්නේ නම් හෝ කොන්දේසි ඉදිරිපත් නොකරන්නේ නම්, ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් පවසා ඇත.

‘උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට තර්ජනයක් නැහැ. උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන ඇමෙරිකාවට තර්ජනයක් වන අයුරින් සිදුවන්නේ නැහැ. එය බාධාවක් නොවන්නේ නම්, අපට පුළුවන් සාකච්ඡා කරන්න’ යැයි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පැහැදිලි කර ඇත.

ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේදී අවස්ථා තුනකදී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා පැවැත්වීය. මේ සම්බන්ධයෙන් ද නායක කිම් ජොන් උන් පවසා ඇත්තේ, ට්‍රම්ප් ජනාධිපතිවරයා යළි හමුවීමට ලැබෙනවා නම් එය සතුටක් බවය.