පවුම් මිලියන 150ක වියදමින් නිපදවන නවතම මාවල් ‘ස්පයිඩර් මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ’  Spider-Man Brand New Day චිත්‍රපටයේ, රූගත කිරීම් මේ වනවිට සිදුවෙයි.

සුපුරුදු පරිදි පීටර් පාකර් මෙන්ම ස්පයිඩර් මෑන්ගේ ද චරිතයට පණ පොවන්නේ, නළු ටොම් හොලන්ඩ් ය.

හෝලන්ඩ් පසුගිය දා රූගතකිරීම් අතරතුරේ ඇද වැටී හිස තුවාල විය. වොට්ෆර්ඩ් හි ලීව්ස්ඩන් චිත්‍රාගාරයේ දී රූගත කිරීම් සිදුවෙද්දී මෙම අනතුර සිදුවිය. 

හොලන්ඩ් ගිලන් රථයකින් රෝහල් ගත කෙරුණේ, මොළය කම්පනය වීමකට ප්‍රතිකාර සඳහාය. ඒ අනුව චිත්‍රපටයේ රූලත කිරීම් තාවකාලිකව මේ වනවිට නවත්වා දමා ඇත.