
බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක යෙදෙන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් අතර හමුව පැවැත්විණි. ඒ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ පිටිසරබදව පිහිටා ඇති චෙකර්ස් නිල නිවසේදීය.
ඇමෙරිකන් ජනාධිපතිවරයා චෙකර්ස් නිල නිවස බලා ගියේ, ට්‍රම්ප්ගේ ‘මෙරීන් 1’ හෙලිකොප්ටර් යානයෙනි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසට පෙර දින රාත්‍රියේ, ට්‍රම්ප් සහ මෙලානියා වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ රජ පවුලේ සාමාජිකයන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය. ඒ, වින්ඩ්සර් මාලිගයේදීය.
චෙකර්ස් නිල නිවසට පැමිණි ට්‍රම්ප් උණුසුම් ලෙස පිළිගැනීමට අග්‍රාමාත්‍ය ස්ටාර්මර් සහ බිරිඳ වික්ටෝරියා කටයුතු කළහ. චෙකර්ස් නිල නිවස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරුන්ගේ කෞතුකාගාරයක් ද වෙයි.
නිල නිවසේ සිරි නැරැඹීමෙන් අනතුරුව ට්‍රම්ප් සහ ස්ටාර්මර් ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීමට සාකච්ඡා පැවැත්වූහ.
වෙළෙඳ කටයුතු, ආරක්ෂක කටයුතු සහ තාක්ෂණික කටයුතු සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ ස්ටාර්මර් අතරේ සාකච්ඡා පැවැත්විණි. යුක්රේන රුසියානු යුද්ධය ද රාජ්‍ය නායකයන් දෙදෙනාගේ සාකච්ඡාවට බඳුන් විය.
ට්‍රම්ප් උත්සාහ ගනිමින් සිටින්නේ රුසියන් යුක්රේන යුද්ධයට කඩිනමින් සාම වැඩපිළිවෙළක් හඳුන්වා දීමටය. මීට දින කීපයකට පෙර ට්‍රම්ප් සහ පුටින් අතරේත්, ඉන්පසු ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති අතරේත් සාකච්ඡා පැවැත්විණි.
සාමයට කැමැති බව රුසියන් ජනාධිපති පුටින් පුනපුනා කීවත්, යුද්ධය අවසන් කිරීමේ අදහසක් පුටින්ට නැති බව තමන් පිළිගන්නා බව ට්‍රම්ප් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා හමුවේ පැහැදිලි කළේය. පුටින් තමන්ව අමාරුවේ දැම්මා යැයි ද ට්‍රම්ප් චෝදනා කළේය.
‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය සම්බන්ධයේ නිරන්තරයෙන් සැක පළ කළ රාජ්‍ය නායකයකු ලෙස සැලකෙන්නේ ට්‍රම්ප්ය. ‘නේටෝ’ සංවිධානයේ ප්‍රධාන සාමාජිකයකු වන්නේ ද ඇමෙරිකාවය. ට්‍රම්ප්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා හමුවේ කියා සිටියේ රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමට ‘නේටෝ’ සංවිධානය ඉතා වැදගත් කාර්යයක් ඉටු කරන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd