සයිබීරියාවේ සිරකඳවුරක සිටිද්දී, රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි මියගියේ, ඔහුට වස දීමක් නිසා යැයි පරීක්ෂණවලින් අනාවරණය වූ බව නෙවල්නිගේ බිරිඳ යුලියා නෙවල්නි චෝදනා නගයි.

නෙවල්නිගේ මරණ පරීන්ෂණය පැවැත්වෙද්දී, ඔහුගේ රුධිර සාම්පල රහසේ ලබාගැනීමට යුලියා සහ ඇයට හිතවත් කණ්ඩායමක් කටයුතු කර ඇති අතර, එම සාම්පලවලින් අනාවරණය වී ඇත්තේ ඇලෙක්සි මියගියේ මාරක විෂක් ශරීරගත විමෙන් යැයි යුලියා පැහැදිලි කර ඇත.

මියයන අවස්ථාවේදී, රුසියන් රජය විසින්, 47 හැවිරිදි ඇලෙක්සි නෙවල්නි රඳවා තබනු ලැබුවේ රුසියාවට අයත් සයිබීරියාවේ, අධික සීතල පළාතක පිහිටි දණ්ඩන කඳවුරකය.

මේ අතර, නෙවල්නිගේ බිරිඳ කරන මෙම චෝදනා සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව ක්‍රෙම්ලීන ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් පවසා ඇත.