තරුණ අරගලය හේතුවෙන්, නේපාලයේ සංචාරක කර්මාන්තය අඩපණ වී ඇත. නේපාල මාධ්‍ය වාර්තා කළේ සංචාරක කර්මාන්තය සියයට 30 කින් අඩු වී ඇති බවය.

ලෝකයේ උසම කන්ද වන එවරස්ට් පිහිට ඇත්තේ ද නේපාලයේය. මේ කාලයේ නේපාලයට විදෙස් සංචාරකයන් බහුලව පැමිණෙන නමුත් තරුණ අරගලය හේතුවෙන් එම කටයුතු මේ වනවිට අඩපණ වී ඇත.

මේ වනවිට නේපාලය සන්සුන් වී ඇත්තේ, අරගලකරුවන් විසින් තෝරා ගනු ලැබූ හිටපු අගවිනිසුරුවරියක වන සුෂිලා කාර්කි, නව අන්තර්වාර අග්‍රාමාත්‍ය ලෙස  දිවුරුම් දිමෙන් පසුවය.