
එයාර් ඉන්දියා ගුවන් යානය කඩා වැටීමේ සිද්ධියට අදාළව, එම ගුවන් යානයේ සිට මියගිය මගීන් සිවුදෙනකුගේ පවුලේ සාමාජිකන්, ඇමෙරිකන් බෝයිං සමාගමටත්, බා්යිං සමාගම වෙනුවෙන් ගුවන් යානා කොටස් නිෂ්පාදනය කරන හනීවෙල් නමැති සමාගමටත් නඩු පැවරීමක් කර තිබේ.
පසුගිය ජූනි මාසයේ, එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් බෝයිං 787 වර්ගයේ මගී යානය, කඩා වැටුණේ ලන්ඩන් බලා යෑමට, අහ්මදාබාද් ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වී මිනිත්තු කීපයකිනි.
අනතුරට හේතුව ලෙස හඳුනා ගැණුනේ, යානය ගුවන්ගත වුණු සැණින් එහි ඇන්ජින්වලට ඉන්ධන සැපයීම හිටිහැටියේ අඩපණ වීමය. අනතුරින් දිවි බේරා ගත්තේ එක් මගියකු පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd