IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


පලස්තීනය රටක් විදියට පිළිගන්න පෘතුගාලය සූදානම්

පලස්තිනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව යුරෝපා රාජ්‍යයක් යන පෘතුගාලය ද පවසා ඇත. පෘතුගාලය මෙසේ තීරනය කළේ ගාසා යුද්ධය අවසන් කිරීමට ඊශ්‍රායලය උනන්දුවක් නොදැක්වීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමිණි.

පෘතුගාලය පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සමුළුව අතරතුරේ තමන් පලස්තීනය වෙනම රාජ්‍යක් ලෙස නිල වශයෙන් පිළිගැනීමට කටයුතු කරන බවය. මෙය ඊශ්‍රායලයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි.

එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 න් හතරෙන් තුනක් පමණ දැනටමත් පලස්තීන රාජ්‍යයක් පිළිගෙන තිබේ. ඒ අනුව 2012 සිට පලස්තිනයට එක්සත් ජාතීන්ගේ සාමාජිකයකු නොවුණත්, නිරීක්ෂක රාජ්‍යයක තත්ත්වය හිමි වී ඇත.

2023 වසරේ සිට ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මේ වනවිට ගාසා පලස්තීනුවන් 65,141 මියගොස් ඇතැයි ද පැවැසෙයි. ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් ඉලක්කවලට පහර දෙන්නේ, හමාස් සංවිධානය පැහැරගෙන ගොස් ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල වැසියන් මුදා ගැනීමේ අරමුණින්ය.

ඊශ්‍රායල හමුදා දිගින් දිගටම ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් සිටී. ඊශ්‍රායල වැසියන් 47 දෙනකු තවමත් ගාසා තීරයේ හමාස් සටන්කාමින්ගේ ග්‍රහණයේ පසුවන බව වාර්තා වේ. හමාස් සටන්කාමීන් එම ප්‍රාණ ඇපකරුවන් 47 දෙනාගේ ඡායාරූප සහ ඔවුන්ගේ විස්තර ඇතුළත් ඡායාරූපයක් මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර ඇත. ඒ, ඔවුන්ට සමුදිමට ඊශ්‍රායලයට සිදුවනු ඇතැයි පවසමිනි. ඊශ්‍රායල රජය පවසා ඇත්තේ ප්‍රාණඇපයේ සිටිනවා යැයි පැවැසෙන එම ඊශ්‍රායල ජාතිකයන්ගෙන් තවමත් ජීවතුන් අතර සිටින්නේ 20 දෙනකු පමණක් බවය.



අදහස් (0)

පලස්තීනය රටක් විදියට පිළිගන්න පෘතුගාලය සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1860 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1499 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site