ඇමෙරිකාවේ රැකියා සඳහා විදේශිකයන් අවශ්‍ය නොවන බව අවධාරණය කරමින්, ඇමෙරිකාවේ රැකියා කරන ඉන්දියානුවන්ට ලබා දෙන එච්.1බී වර්ගයේ වීසා සඳහා වාර්ෂිකව ඇමෙරිකන් ඩොලර් 1,00,000 ක මුදලක් අය කිරීමට ට්‍රම්ප් පරිලානය තීරණය කර ඇත.

ට්‍රම්ප් ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ඉන්දීය රජය ඇමෙරිකාවට දැඩි ලෙස කනස්සල්ල පළ කර තිබේ.

ට්‍රම්ප් පරිපාලනය ගත් මෙම තීරණය හේතුවෙන් මානුෂීය ගැටලු නිර්මාණය වනු ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

සංක්‍රමණික වීසාවලට අයත් නොවන මෙම එච්.1බී වීසා නිකුත් කිරීම සිදුවන්නේ, රැකියා සඳහා ඇමෙරිකාවට පැමිණෙන, අධ්‍යාපනයෙන් සහ පළපුරුද්දෙන් ඉහළ සුදුසුකම් ලත් වෘත්තිකයන් සඳහාය.

මෙම වීසා මගින් සාමාන්‍යයෙන් වසර තුනක කාලයක් සඳහා රැඳී සිටිය හැකි අතර, එය උපරිම වශයෙන් වසර හයක් දක්වා දීර්ඝ කළ හැක. කෙසේ වෙතත්, සමහර අවස්ථාවලදී මෙම සීමාව ඉක්මවා වීසා දීර්ඝ කිරීමට අවස්ථා ඇත. එච්.1බී වීසා හිමිකරුගේ අවුරුදු 21 ට අඩු දරුවන්ට ද කොන්දේසි වීසා හිමිවෙයි.