
රජයේ දූෂණ වංචාවකට එරෙහිව පිලිපීනයේ මැනිලා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
දස දහසකට වැඩි විරෝධතාකරුවන් පිරිසන් මැනිලා අගන්‍රවරට රැස්වුණු අතර, ඔවුන් මර්දනයට කැරැලි සර්දන පොලිසිය යෙදවිණි.
එම අවස්ථාවේදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතරේ දරුණු ගැටුම් හටගත්තේය
පිලිපීන වැසියන් විරෝධතා පවත්වන්නේ, ජල කළමනාකරණ ව්‍යාපෘති සම්බන්ධයෙන් සිදුවුණු බව කියන ඩොලර් බිලියන ගණනක දූෂණ වංචාවකට එරෙහිවය.
විරෝධතා හේතුවෙන් මැනිලා අගනුවර මාර්ග අවහිර වුණු බවත් දෛනික කටයුතු අඩපණ වූ බවත් පැවැසෙයි.
පොලිසිය විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය. පොලිසියේ සහායට හමුදාව ද සීරුවෙන් සිටි බව මාධ්‍ය වාර්තා කළේය.
මැනිලා නගරාධිපති ෆ්‍රැන්සිස්කෝ ඉස්කෝ මොරිනෝ ප්‍රකාශ කළේ විරෝධතාකරුවන් සමඟ ඇති වූ ගැටුම්වලදී පොලිස් නිලධාරීන් කිහිප දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවය.
පිලිපීනය ද ආසියානු රාජ්‍යයකි. මීට දින කීපයකට පෙර දූෂණ වංචා හේතුවෙන් නේපාල රජය පෙරළා දැමීම සිදුවිය. ඒ, එරට තරුණ ප්‍රජාව එක්වී කළ අරගලකිනි.
පිලිපීනයේ හටගත් රාජ්‍ය විරෝධී විරෝධතා ද නේපාලයේ සිදුවූ අකාරයේ අරගලයක් තෙක් දුරදිග යෑමට ඉඩ ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd