රුසියාව සහ බෙලරූසය එක් වී, යුද අභ්‍යාසයක් ආරම්භ කර ඇති බවත්, ඉන්දියාව ද ඊට හවුල් වී සිටින බවත් විදෙස් මාධ්‍ය පවසයි.
රුසියාව සහ බෙලරූසය අසල්වැසියන් යන අතර යුක්රේනය පිහිටන්නේ මෙම රටවල් දෙක අතරේය. බෙලරූසය, රුසියන් හිතවාදී රාජ්‍යයක් වන අතර, බෙලරූස ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ, රුසියන් ජනාධිපති ව්ලැදිර් පුටින්ගේ හිතවාදියෙකි. බටහිර රටවල්, ලුකෂෙන්කෝ හඳුන්වන්නේ ‘රුසියාවේ රූකඩයා’ යනුවෙනි.
ඉන්දියාව මෙම යුද අභ්‍යාසයට එක් වී සිටින්නේ රුසියාවේ ඇරයුමකට අනුවය. ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඉන්දීය හමුදා සොල්දාදුවෝ 65 දනෙක් යුද අභ්‍යාසයට එක් වී සිටින බවය.
දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ ඉන්දියාව, මෙම යුද අභ්‍යාසයට එක්වීම, ඇමෙරිකාව සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල කරන අතුල් පහරක් බවය.
මේ වනවිට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දියාව අතරේ අර්බුදයක් පවතී. ඒ, රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින්, ඇමෙරිකාව රුසියාවට සම්බාධක පනවා තිබියදී, ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීම ට්‍රම්ප්ගේ දැඩි විරෝධයට හේතුවක් විය. ට්‍රම්ප් පරිපාලනය ඉන්දියාවට සියයට 50 ක් තීරු බදු පැනවීම් කර ඇත්තේ ද ඒ නිසාය.
(එන්.ඩී.ටීවී.)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රුසියාව-බෙලරූසය යුද අභ්‍යාසයක් අරඹයි