IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


ගල්ෆ් මුස්ලිම් රටවලින් ඊශ්‍රායලයට විරෝධයක්

ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයට අයත්, අරාබි සහ ඉස්ලාමීය රටවල රාජ්‍ය නායකයන්ගේ හදිසි සමුළුවක්, කටාර් රාජ්‍යයේ දී පැවැත්විණි.

ඒ, පසුගියදා ඊශ්‍රායල හමුදාව, දෝහා අගනුවර හමාස් නායකයන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ගුවන් ප්‍රහාරයට විරෝධය දැක්වීමක් වශයෙනි.

කටාර් රාජ්‍යයේ ස්වෛරීත්වය උල්ලංඝනය වන ආකාරයට, දෝහා අගනුවරට ඊශ්‍රායලය පහර දීම බියගුලු ක්‍රියාවක් බව ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ රාජ්‍ය නායකයන් ඒකමතිකව තීරණය කළ අතර, ඔවුහු සියලුදෙනා එක් වී ආරක්ෂක යාන්ත්‍රණයක් සකස් කිරීමට සාකච්ඡා පැවැත්වූහ.

කටාර් රාජ්‍යයට අමතරව, ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයට අයත් සෙසු රටවල් වන්නේ බහරේනය, කුවේටය, ඕමානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයයි.
සමුළුවේ මුලසුන හෙබවූයේ කටාර් එමිර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානීය. සමුළුව ආරම්භ කරමින්, අල් තානි ඊශ්‍රායලයට දොස් නැගුවේ, ඊශ්‍රායලය ඇමෙරිකාවට මුවා වී, තමන්ට රිසි පරිදි රිසි දෙයක් කරන බවටය.

කටාර් රාජ්‍යය සහ ඇමෙරිකාව අතරේ ද ඉතා සමීප මිත්‍රත්වයක් පවතී. කටාර් රාජ්‍යයේ ඇමෙරිකන් හමුදා කඳවුරු ද පිහිටයි. ප්‍රහාරය එල්ල කිරීමට පෙර, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කටාර් බලධාරීන්ට අනතුරු ඇඟවීම් කළේ යැයි පැවැසුවත්, කටාර් ඒමිර් එය ප්‍රතික්ෂේප කර තිබේ. 
දෝහා ප්‍රහාරය තමන්ගේ තීරණයක් බවත් ඇමෙරිකාව ඊට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර ඇත.

ගාසා යුද්ධය සම්බන්ධයෙන් ද සමුළුවේදී අදහස් පළ විය. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට, ගාසා යුද්ධය අවසන් කිරීමේ කිසිදු අරමුණක් නැති බව ද කටාර් එමීර්වරයා සමුළුවේදී සෙසු කලාපීය නායකයන් හමුවේ පැහැදිලි කළේය.

දෝහා අගනුවරට ගල්ෆ් සහයෝගීතා කවුන්සිල නායකයන් රැස්වෙද්දී, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ඊශ්‍රායලය බලා ගියේය. ඒ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් අනුවය. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගෙන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. රූබියෝ, ජෙරුසලමේ ශුද්ධ වූ බටහිර ප්‍රාකාරය වෙත ගොස් ගෞරව දැක්වීමට ද අමතක කළේ නැත.

මේ අතර, ගාසා තීරයේ රෆා නගරයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් 25 ක් ජීවිතක්ෂයට පත්වූහ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත. නිවාස සහ අවතැන්වූවන් රැදී සිටි කූඩාරම් ඉලක්ක කර ගනිමින් මෙම ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇති බව සඳහන් වෙයි. 2023 වසරේ ඔක්තෝබර් සිට මේ දක්වා කාලසීමාව තුළ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 64,800 දෙනකුට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.



අදහස් (0)

ගල්ෆ් මුස්ලිම් රටවලින් ඊශ්‍රායලයට විරෝධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1860 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1499 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site