
යුක්රේනයේ කීව් අගනුවර ස්ථාන කීපයකට රුසියන් හමුදා මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් යුක්රේන වැසියන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 30 දෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි.
කීව් අගනුවරට අමතරව යුක්රේනයේ ඩ්නිප්‍රොපෙට්‍රොව්ස්ක්, මිකොලායිව්,චර්නිහිව්, සැපොරිෂියා, පොල්ටාවා, ඔඩේසා, සුමි සහ කාර්කීව් යන පළාත්වලට රුසියන් හමුදා පහර දුන් බව පැවැසෙයි.
මෙම ප්‍රහාරයට රුසියන් හමුදාව ඩ්‍රෝන යානා 600 කට වැඩි ප්‍රමාණයක් යොදා ගත් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත.
මේ අතර, එක්සත් ජාතීන්ගේ 80 වැනි රාජ්‍ය නායක සමුළුව 23 ආරම්භ වෙයි. ඒ ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටා ඇති එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදීය. එම සමුළුව අතරතුරේ ඊට සහභාගී වන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතරේ හමුවක් පැවැත්වෙනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඒ, රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd