
ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ජනපදයේ, සිදුවුණු වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීහු තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
වෙඩි ප්‍රහාරයට ලක් වී තුවාල ලැබූ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු රෝහල්ගත කළ බවත්, ඔවුන්ගේ තත්වය බරපතල බවත් වාර්තා වේ.
පොලිස් නිලධාරීන් වෙඩි ප්‍රහාරයට ලක් වී ඇත්තේ, ගෘහස්ථ ආරවුලක් මැඩලීමට ගිය අවස්ථාවේදීය.
පෙන්සිල්වේනියා ජනපද පොලිස්පති ක්‍රිස්ටෝපර් පැරිස් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, වෙඩි තැබීම කළ පුද්ගලයා, පොලිසිය කළ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවය.
වෙඩි තැබීම සිදුවූයේ යෝර්ක් ප්‍රාන්තයේ උතුරු කෝඩෝරස් ග්‍රාමීය ප්‍රදේශයේ පිහිටි නිවසක් අශ්‍රිතවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd