බුවලෝයි සුළි කුණාටුව, වියට්නාමය දෙසට ගමන් කරමින් ඇත.

සුළි කුණාටුව සම්බන්ධයෙන් කාලගුණ විද්‍යාඥයන් අනතුරු ඇඟවීමත් සමඟ අනාරක්ෂිත ප්‍රදේශවල, 250,000 ක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොම කෙරුණි. ඒ සඳහා හමුදා සෙබළුන් 100,000 ක් යෙදවුණු බව ද පැවැසෙයි.

මේ වනවිට ප්‍රධාන ගුවන්තොටුපොළ කීපයක් වසා දමා ඇතැයි ද වාර්තා වේ. මෙම වසරේ වියට්නාමයට බලපාන දස වන සුළි කුණාටුව වන ලෙස මෙම බුවලෝයි සුළි කුණාටුව සැලකෙයි. සුළි කුණාටුවේ වේගය පැයට කිලෝමීටර් 130 කි.