
ගාසා යුද්ධය අවසන් කිරීමට, ඇමෙරිකාව කරුණු 21 කින් සමන්විත සාම සැලැස්මක් ඉදිරිපත් කර ඇත. එම සාම සැලැසුම අනුව, ගාසා තීරය පලස්තීනුවන්ට හිමිවනු ඇති අතර, ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් පිටවී යනු ඇත.
මේ සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ පැවැත්වීමට ද නියමිතව තිබුණි.
සාම සැලැස්මට අනුව, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් වහා නිදහස් කළ යුතු වන අතර, සාමකාමීව කටයුතු කරන හමාස් නායකයන්ට කොන්දේසි විරහිතව සමාව හිමිවනු ඇත.
ඇමෙරිකාව මෙම සාම සැලැස්ම සකස් කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ 80 වැනි මහා මණ්ඩල සැසියට සමගාමීව, ඊට සහභාගී වූ මුස්ලිම් රටවල රාජ්‍ය නායකයන් සහ නියෝජිතන්ගේ අදහස් අනුව යැයි ද පැවැසෙයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පසුගිය දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීමට පැමිණියේය. ඔහු සමුළුව අමතද්දී, රැස්ව සිටි පිරිසෙන් වැඩි දෙනා ශාලාවෙන් පිටව යෑම විහේෂ සිදුවීමක් විය. ඒ, පලස්තීනුවන්ට එරෙහිව සිදුවන අපරාධ සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට චෝදනා නගමින් ඊට විරෝධය පෑමක් ලෙසය.
මේ වනවිට බටහිර රටවල් කීපයක්, පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගෙන ඇති අතර, අග්‍රාමාත්‍ය නෙදන්යාහු ඊට අප්‍රසාදය පළ කළේය. එය ලැජ්ජාසහගත උමතු ක්‍රියාවක් යැයි ද පැවැසීය. අග්‍රාමාත්‍ය නෙදන්යාහු සමුළුව ඇමතීමට පැමිණ සිටියේ, සිය කබායේ විශාල කියුආර් කේතයක් සහිත රූපයක් ද එල්ලාගෙනය.
ගාසා තීරයේ යුද්ධය ආරම්භ වූ දා සිට තම රටේ ක්‍රියාමාර්ග පිළිබඳව වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා එම කේතය ස්කෑන් කර බලන ලෙස ඔහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වූ රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. කේතය ස්කෑන් කිරීමෙන් 2023 ඔක්තෝබර් 7 වන දින දකුණු ඊශ්‍රායලයේ සිදු වූ ප්‍රහාරවල බිහිසුණු රූප සහ වීඩියෝ දර්ශන ඇතුළත් වෙබ් අඩවියකට පිවිසීමට හැකිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd