
දීර්ඝ කාලයක් තිස්සේ පවතින විසඳුමක් නොමැති ජල සහ විදුලි කප්පාදු හේතුවෙන් මැඩගස්කරයේ තරුණ විරෝධතා පැවැත්වෙයි. විරෝධතා උත්සන්න වෙද්දී, රජය විසුරුවා හැරීමට මැඩගස්කර් ජනාධිපති ඇන්ඩ්‍රි රජෝලිනා තීරණය කළේය.
ජල සහ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් විසඳුම් සෙවීමට රජය අපොහොසත්වීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරමින්, රජය විසුරුවා හරින බව ජනාධිපතිවරයා රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පැහැදිලි කළේය.
ජල සහ විදුලි කප්පාදුවට එරෙහිව මැඩගස්කරයේ තරුණ තරුණියන් රජයට එරෙහිව වීදි බැස අරගලයක් ආරම්භ කළේ පසුගිය සතියේය. ඔවුන් විසුරුවා හැරීමට කැරැලි මර්දන පොලිසිය යෙදවූ අවස්ථාවේදී දරුණු ගැටුම් ඇවිලුණි.
එම ගැටුම්වලින් 22 ක් ජීවිතක්ෂයට පත්වුණු බවත්, 100 කට වැඩි දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. විරෝධතාකරුවන් නිර්දය ලෙස මර්දනය කිරීමට රජය ක්‍රියා කිරීම එක්සත් ජාතීන්ගේ පවා දැඩි අප්‍රසාදයට හේතුවක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd