රුසියාව, යුක්රේනයේ කීව් අගනුවර සහ ඒ අවට නගර ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.

එම ප්‍රහාරයෙන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, අවුරුදු 12 ක් වයසැති කුඩා දරුවකු ඒ අතර සිටින බවත් වාර්තා වේ. තවත් 14 දෙනකු තුවාල ලබා ඇත.

ඩ්‍රෝන සහ මිසයිල බොහොමයක් වළක්වා ගැනීමට යුක්රේන හමුදාවට හැකිවුණු බව ද පැවැසෙයි. මේ සම්බන්ධයෙන් ද ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අප්‍රසාදය පළ කර ඇත.