ජෝර්දානයේ ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ වෙඩි තැබීමක් ජෝර්දානයේ අම්මාන් නුවර ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ සිදු වූ වෙඩි තැබීමකින් ජෝර්දාන් ජාතිකයන් දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. සිද්ධියෙන් එක් ඊශ්‍රායල ජාතිකයෙකු තුවාල ලබා ඇත. 24 July 2017
ඇමරිකානු ගුවන් ප්‍රහාරයක් වැරදී ඇෆ්ගන් පොලිසියේ 16ක් මිය යති ඇමරිකාව එල්ල කල ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ පොලිස් භටයන් 16දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. 22 July 2017
වෙනිසියුලාවේ දැවැන්ත වැඩ වර්ජනයක් වෙනිසියුලා විපක්ෂය දියත් කරන ලද දැවැන්ත වැඩ වර්ජනයකට වෙනිසියුලා වැසියන් මිලියන ගණනක් එක්ව ඇතැයි වාර්තා වේ. 21 July 2017
ග්රිසියේ කොස් දුපතේ භු කම්පනයක් ග්‍රීසිය සහ තුර්කිය අතර ඊජියන් මුහුදේ සිකුරාදා අද (21) අලුයම සිදුවූ රිච්ටර්මාපාංක 6.7ක විශාලත්වයෙන් යුතු ප්‍රභල භූ කම්පනයක් හේතුවෙන් ග්‍රීසියට අයත් කොස් දිවයිනේ දෙදෙනකු මියගොස් 200ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 21 July 2017
ඇමෙරිකාව-රුසියාව අතර උණුසුම් වාග් සටනක් උතුරු කොරියාව ඉකුත් දා අත්හදා බලන ලද්දේ මොනයම් වර්ගයේ මිසයිලයක් ද යන්න සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී ඇමෙරිකාව හා රුසියාව අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ. 20 July 2017
පූටින්-ට්‍රම්ප් රහස් හමුවක් ? ඇමෙරිකා ජනාධිපතිවරයා මේ මස මුලදී පැවැති ජී20 සමුළුව අතරවාරයේ පැවැති නිල හමුවෙන් පසු තවත් අවස්ථාවකදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා හමුවී ඇතැයි අනාවරණය වී තිබේ. 19 July 2017
ප්‍රථම වරට අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ දර්ශන ඩ්‍රෝන කැමරාවෙන් ප්‍රථම වරට ඩ්‍රෝන කැමරාවකින් ගනු ලැබූ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ජායාරූප ජපාන අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇත. 19 July 2017
ඉන්දුනීසියානු කතානායකවරයාට වංචා දූෂණ චෝදනා මහා භාණ්ඩාගාරයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 170ක මුදලක් අයථා ලෙස ලබාගනිමින් කරන ලද වංචාවක සැකකරුවකු ලෙස කතානායකවරයා නම් කරනු ලැබ තිබේ. 18 July 2017
රුසියාවේ නැගෙනහිර වෙරළට ප්‍රබල භූමිකම්පාවක් රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයට රික්ටර් මාපකාංක 7.7 ප්‍රභලත්වයෙන් යුතු භූමිකම්පාවක් බලපා ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරයි. 18 July 2017
ලොව පුරා පාරිසරික ක්‍රියාකාරීන් 200ක් මිය ගිහින් 2016 වර්ෂයේ දී ලොවපුරා පාරිසරික ක්‍රියාකාරීන් 200ක් පමණ මියගොස් ඇති බව ග්ලෝබල් විට්නස් නම් හරිත සංවිධානය විසින් සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත. 14 July 2017
හිටපු බ්‍රසීල ජනපතිට වසර නවයක සිර දඬුවමක් හිටපු බ්‍රසීල ජනපති ලුවිස් ලුලා ද සිල්වා මහතා විසින් සිදු කරන ලදැයි සැලකෙන දුෂණ වලට වරදකරු වීම හේතුවෙන් ඔහුට බ්‍රසීල අධිකරණය විසින් වසර නවයහමාරක සිරදඬුවම් නියම කර ඇතැයි වාර්තාවේ. 13 July 2017
සිසිලි දුපතේ ලැව්ගින්නක්-700ක් ඉවත් කෙරේ ඉතාලියේ සිසිලි දුපතේ හටගත් ලැව්ගිනි හේතුවෙන් කැලප්සෝ මුහුදු තීරයේ සිටි සංචාරකයන් 700ක් පමණ බෝට්ටු යොදාගෙන ඉවත් කර ඇතැයි වාර්තා වේ. 13 July 2017
ජනපති තාත්තාට නොකියා පුතා රුසියානු නීතිඥවරිය හමුවෙලා තමන් රුසියානු නීතිඥවරියක හමු වූ බව පියා දැන සිටියේ නැතැයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ පුතු ඩොනල්ඞ් ට්‍රම්ප් (කණිෂ්ඨ) පැවැසීය. 12 July 2017
දකුණු කොරියාවෙන් අවතක්සේරුවක් උතුරු කොරියාව ඉකුත් දා අත්හදා බැලූ අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිලයට වායුගෝලයට නැවත ඇතුළුවීමේ හැකියාවක් නැතැයි දකුණු කොරියානු බුද්ධි තොරතුරු ආයතනය විශ්වාස කරන බව දකුණු කොරියාව පවසයි. 12 July 2017
’අයිඑස් සංවිධානයට එරෙහි යුද්ධය අවසන් නෑ’ අයි.එස් සංවිධානය පරාජයට පත් කරමින් මොසුල් නුවරදී ‘ඓතිහාසික’ ජයක් ලැබුවද අයි.එස් සංවිධානයට එරෙහිව යුද්ධය තවමත් අවසන් නැතැයි ඉරාකයේ සිටින ඇමෙරිකා හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙක් ප්‍රකාශ කළේය. 11 July 2017
ඇමරිකාවේ යුද ගුවන් යානයක් කඩා වැටී 16 ක් මරුට ඇමරිකාවේ දකුණු දිග මිසිසිපි ප්‍රාන්තයේදී යුධ ගුවන් යානයක් කඩාවැටීමෙන් 16 දෙනකු මියෙගාස් ඇතැයි වාර්තා වේ. 11 July 2017
ලොව වයස්ගතම හිපපොටේමස් මිය යයි දැනට ලෝකයේ සත්වෝද්‍යානයක ජීවත් වූ වයස්ගතම හිපපොටේමස් ලෙස සැලකෙන අවුරුදු 65ක් පමණ වයසැති බර්තා මියගොස් ඇති බව පිලිපීනයෙන් වාර්තා වේ. 11 July 2017
කාෂ්මිරයේදී බසයකට වෙඩි-හතක් මරුට කාෂ්මීරයේ ඉන්දියාව විසින් පාලනය වන ප්‍රදේශයකදී බස්රථයක් වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් වන්දනාකරුවන් හත්දෙනකු මියගොස් 19දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 11 July 2017
ඇමෙරිකාව චීනයෙන් සමාව ගනියි චීන ජනාධිපති ජී ජින්පින්ග් ‘චීන සමූහාණ්ඩුවේ’ ජනාධිපතිවරයා ලෙස සඳහන් කරමින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් ධවල මන්දිරය සමාව අයැද සිටි බව චීනය ප්‍රකාශ කළේය. 11 July 2017
පලස්තීනයේ හෙබ්රෝන් නගරය ලෝක උරුමයක් ලෙස නම් කරයි බටහිර ඉවුරේ දකුණට වන්නට පිහිටි පලස්තීන නගරයක් වන හෙබ්රෝන් නගරය ලෝක උරුම නගරයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය අද (7) කටයුතු කළේය. 07 July 2017
ප්‍රථම වරට ට්‍රම්ප් පුටින් හමුවක් ජර්මනියේ හැම්බර්ග්හි පැවැත්වෙන ජී 20 සමුළුව අතරවාරයේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ප්‍රථම වරට හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත යැයි වාර්තා වේ. 07 July 2017
බොකෝ හරාම් ත්රස්තයන් 14 ක් ඝාතනය කරති බෝකෝ හරාම් ත්රස්තවාදීන් යැයි වරදවා වටහාගෙන සාමාන්‍ය වැසියන් 14දෙනකු නයිජර් යුද හමුදාව විසින් ඝාතනය කර ඇතැයි වාර්තා වේ. 07 July 2017
2040 වන විට ඩීසල් හා පෙට්‍රල් විකිණිම තහනම් වර්ෂ 2040 වනවිට ප්‍රංශයේ ඩීසල් හා පෙට්‍රල් වලින් ධාවනය වන සියලුම වාහන විකිණීම තහනම් කිරීමට නියමිත බව ප්‍රංශ රජය පවසයි. පැරිස් කාළගුණික සම්මුතියට අනුකූලව මෙම පියවර ගෙන ඇත. 07 July 2017
මෙක්සිකෝවේ බන්ධනාගාර ගැටුමකින් රැඳවියන් 28 ක් මරුට මෙක්සිකොවේ ගුවරෙරෝ ප්‍රාන්තයේ ඇකපුල්කෝ නගරයේ පිහිටි ලාස් කෘකස් බන්ධනාගාරය තුළ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙකක් අතර සිදුවූ ගැටුමකින් රැඳවියන් 28දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 07 July 2017
ජපානයේ ජල ගැලීම්වලින් දෙන්නෙක් මරුට ජපානයේ නිරිත දිග ක්යූෂු දිවයිනේ ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් දෙදෙනකු මියගොස් ඇති අතර 20දෙනකු පමණ අතුරුදන් වි ඇත. ගංගා කිහිපයක් පිටාර ගැලීම හේතුවෙන් දහස් ගණනක් අවතැන් වී ඇති බවත් ගොඩනැගිලි හා මහාමාර්ග බෙහොමයක් විනාශ වී ඇති බවත් බලධාරීහු පවසති. 06 July 2017
මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 14 ක් මරුට මෙක්සිකොවේ උතුරුදිග චිහුවාහුවා පළාතේ ලාස්වරාස් හි සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතර සිදුවූ වෙඩි තැබීමකින් අවම වශයෙන් 14දෙනකු වත් මියයන්නට ඇතැයි වාර්තා වේ. බලධාරීන් පවසන්නේ ගැටුම පැය දෙකක පමණ කාලයක් පුරා පැවති බවයි. 06 July 2017
උතුරු කොරියාව අන්තර්මහද්වීපික මිසයිලයක් අත්හදා බලයි උතුරු කොරියාව තවත් අන්තර් දිගු දුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව දකුණු කොරියානු සහ ඇමෙරිකා එක්සත් ජනපද බලධාරීහූ අද (4) ප්‍රකාශ කළහ. එමෙන්ම අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව ඒ බව සනාථ කරමින් උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍යයද වාර්තා කර තිබිණි. 04 July 2017
ජර්මනියේ බසයක් ගිනිගෙන 18 ක් මරුට ජර්මනියේ දකුණු ප්‍රදේශයේ ස්ටැම්බැච් ආසන්නයේ සංචාරක බස් රථයක් ගිනිගැනීම හේතුවෙන් 18දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. විශ්‍රාමික සංචාරකයන් පිරිසක් බස් රථයේ ගමන් කර ඇති අතර ඉන් 30දෙනකු පමණ දිවි ගලවා ගෙන ඇත. 04 July 2017
ඇමෙරිකා/චීන/ජපාන නායකයෝ දුරකතන සාකච්ඡාවක ඇමෙරිකා ජනාධිපතිවරයා චීන හා ජපාන නායකයන් සමඟ දුරකතනයෙන් සාකච්ඡා පවත්වා ඇතැයි ද එහිදි උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන සහ වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි ද ධවල මන්දිරය නිවේදනය කරයි. 03 July 2017
දකුණු චීන මුහුදට ඇමෙරිකා යුද නැවක් ගිහින් චීනය අයිතිවාසිකම් කියන අර්බුදකාරී ‘දකුණු චීන’ මුහුද දෙසට ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් යුද නැවක් යාත්‍රා කර ඇතැයි වාර්තා වේ. 03 July 2017
ආලෝකා නමින් ප්‍රදර්ශන කුටියක් සුරතල් සතුන් ඇති කිරීම සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතර වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය... 17 July 2026