සමුරායි කඩුවක් අරන් තායිලන්ත රජ මාලිගයට පැනලා සමුරායි කඩුවක් රැගෙන තායිලන්ත රජ මාළිගාවට කඩා වැදීමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය කටයුතු කර තිබේ. 20 August 2017
ඉන්දියාවේ දුම්රියක් පීලිපනියි-23ක් මරුට ඉන්දියාවේ උතුරු පළාතේ මුසාෆ්ෆර්නගර් ආසන්නයේදී දුම්රියක් පීලිපැනීමෙන් 23ක් පමණ මියගොස් 70ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 20 August 2017
මලාලා යූසුෆ්සායි ඔක්ස්ෆර්ඩ් සරසවියට මලාලා යූසුෆ්සායි උසස් පෙළ විශිෂ්ට ලෙස සමත්වීම හේතුවෙන් ඔක්ස්ෆර්ඩ් සරසවියට තේරී ඇති බව වාර්තා වේ. නොබෙල් සම්මාන ත්‍යාගලාභී මලාලා දැනට එංගලන්තයේ බර්මින්හැම් නගරයේ ජීවත් වන අතර එහි ලේඩි මාගරිට් හෝල් විද්‍යලයේ උසස් අධ්‍යාපනය ලැබීය. 18 August 2017
වෙනිසියුලාවේ බන්ධනාගාරයක රැඳිවියන් 37ක් මරුට වෙනිසියුලාවේ ඇමර්සන් පළාතේ ප්‍රධා නගරයේ පිහිටි බන්ධනාගාරයක ඇතිවූ කැරැල්ලක් හේතුවෙන් රැඳවියන් 37දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 17 August 2017
’කොරියානු අර්ධද්වීපයේ යුද්ධයක් අතිවෙන්නේ නෑ’ කොරියානු අර්ධද්වීපයේ යුද්ධයක් ඇති වන්නේ නැතැයි දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් අද (17) ප්‍රකාශ කළේය. 17 August 2017
කිම් ජොන්ග් ‘ගුආම්’ ප්‍රහාරය පමා කරයි පැසිෆික් සාගරයේ පිහිටි ඇමෙරිකාවේ පාලනයට යටතේ පවතින ‘ගුආම්’ දූපතට පහර දීම ප්‍රමාද කිරීමට උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ. 16 August 2017
කාන්තාවෝ තිදෙනෙක් නයිජීරියාවේ දී 30ක් මරාගෙන මැරෙති නයිජීරියාවේ බෝර්නො පළාතේ මයිදුගුරි නගරයේදී මරාගෙන මැරෙන කාන්තාවන් තිදෙනකු බෝම්බ පුපුරුවා ගැනීම හේතුවෙන් 30දෙනකු පමණ මියගොස් 80ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 16 August 2017
චීන - ඉන්දියානු සොල්දාදුවෝ ගැටෙති බටහිර හිමාලයේ දී ඉන්දීය සහ චීන සොල්දාදුවන් අතර ගැටුමක් ඇති වී ඇතැයි ඉන්දීය ආරංචි මාර්ග පවසයි. 16 August 2017
පකිස්තාන හිටපු අගමැතිගෙන් පෙත්සමක් රාජ්‍ය තනතුරක් දැරීමට සුදුසු නැති බවට පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය නැවත විමසා බලන්නැයි ඉල්ලමින් එරට හිටපු අගමැති නවාස් ෂරීෆ් මහතා පෙත්සමක් ඉදිරිපත් කළේය. 16 August 2017
ගසක් වැටී මැඩේරාහී 13ක් මිය යති පෘතුගිසියට අයත් මැඩේරා දූපතේ ක්‍රිස්තියානි ආගමික උත්සවයක් පැවැත්වෙන අවස්ථාවක රැස්ව සිටි පිරිසක් මතට ගසක් කඩාවැටීමෙන් 13දෙනකු මියගොස් 49දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 16 August 2017
චීනයේ බුද්ධිමය දේපල - වෙළදාම් ගැන හොයන්නැයි ට්‍රම්ප්ගෙන් නියෝග බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් චීනය කටයුතු කරන ආකාරය සහ වෙළෙඳාමේදී චීනය හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ. 15 August 2017
බර්කිනා ෆාසෝහි වෙඩි තැබීමකින් 17 මරුට බටහිර අප්‍රිකානු රටක් වන බර්කිනා ෆාසෝහි අගනුවර ඔවගොඩෝගොව්හි අවන්හලක සිදුවූ වෙඩි තැබීමකින් 17 දෙනක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 14 August 2017
ඉරානය මිසයිල වැඩසටහන ශක්තිමත් කරයි මිසයිල වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉරාන පාර්ලිමේන්තුව අද (13) ඇමෙරිකානු ඩොලර් මිලියන 520ක මුදලක් වෙන් කරන ලදි. 13 August 2017
ඇමරිකාවේ රැලියකට වාහනයක් කඩාපනී ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ චාර්ලට්ස්විල්ලේ නගරයේ පැවති රැලියකට මෝටර් රථයක් කඩාවැදීමෙන් කාන්තාවක මියගොස් තවත් 19දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 13 August 2017
ඉන්දූනිසියාවට භුමිකම්පාවක් ඉන්දුනීසියාව ආසන්නයේ රික්ටර් මාපක 6.5ක විශාලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. 13 August 2017
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී 36ක් මරුට ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා සහ කයිරෝ නගරය අතර ධාවනය වෙමින් තිබූ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 36 දෙනකු මියගොස් 123 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තාවේ. 12 August 2017
ඉන්දියාවට අපේක්ෂිත වර්ධනයට යන්න බැරි වෙයි අපේක්ෂා කළ පරිදි මේ වසරේදී සියයට 6.75ත් සියයට 7.5ත් අතර වේගයක ආර්ථික වර්ධනයක් අත්පත් කරගත නොහැකි බව ඉන්දීය රජය ප්‍රකාශ කරයි. 12 August 2017
චීනය මැදිහත් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව කියයි උතුරු කොරියාව ඇමෙරිකා එක්සත් ජනපදයට ප්‍රහාරයක් එල්ල කළහොත් චීනය මැදිහත් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු යැයි චීනයේ රාජ්‍ය අනුග්‍රහය ලබන පුවත්පතක් වන ‘ග්ලෝබල් ටයිම්ස්’ පුවත්පත් වාර්තා කරයි. 11 August 2017
චීනයේ උමං මාර්ගයක අනතුරින් 38 ක් මරුට චීනයේ උමං මාර්ගයක ගමන්ගත් මගී රථයක් එහි බිත්තියේ ගැටීම නිසා 38දෙනක් පමණ මියගොස් 13දෙනක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 11 August 2017
ගුවාම් වෙත පහර දෙන්න උතුරු කොරියාව සැරසෙයි ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ශාන්තිකර කලාපයේ දූපතක් වන ගුවාම් වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි උතුරු කොරියාව පවසයි. 09 August 2017
චීනයේ ප්‍රබල භූ කම්පනයක් රිච්ටර් මාපාංක 6.5ක ප්‍රබල භූමි කම්පාවක් චීනයේ බටහිර කඳුකර ප්‍රදේශයක් වන සිචුවාන් සහ ජෙන්සු පළාත් වලට බලපා ඇතැයි වාර්තා වේ. ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණාගාරය පවසන්නේ භූ කම්පනයේ අපි කේන්ද්‍රය කිලෝමීටර් 9ක් පමණ ගැඹුරින් පිහිටා ඇති බවයි. 08 August 2017
දකුණු අප්‍රිකා ජනපතිට විශ්වාස භංගයක් දකුණු අප්‍රිකා ජනාධිපති ජාකෝබ් සූමා මහතාට එරෙහිව අද (8) එරට පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් කෙරුණි. ඒ අනුව ඒ සඳහා රහස් ඡන්ද විමසීමක් ද පැවැත්විණි. 08 August 2017
වෙනිසියුලාවේ රජයට සයිබර් ප්‍රහාරයක් වෙනිසියුලා රජයට අයත් වෙබ් අඩවි රැසකට අද (8) සයිබර් ප්‍රහාර මාලාවක් එල්ල විය. වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ මහතා ඒකාධිපති පාලනයක් ගෙන යන බවට චෝදනා කරමින් මෙම ප්‍රහාර මාලාව එල්ල කර තිබේ. 08 August 2017
ඇෆ්ගනිස්ථානයේ සාමාන්‍ය වැසියෝ 50 ක් ඝාතනය කරති ඇෆ්නිගනිස්ථානයේ සා-ඊ පුල් පළාතේ ගම්මානයකට කඩාවැදුණු ත්රස්තවාදීන් පිරිසක් විසින් සාමාන්‍ය වැසියන් 50දෙනකු පමණ මරාදමා ඇතැයි වාර්තා වේ. 07 August 2017
වෙනිසියුලාවේ වැලෙන්සියා හමුදා කඳවුරට ත්‍රස්ත ප්‍රහාරයක් වෙනිසියුලාවේ තෙවැනි විශාලතම නගරය වන වැලෙන්සියා හි පිහිටි හමුදා කඳවුරකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ බව එරට බලධාරීහූ පවසති. 07 August 2017
උතුරු කොරියාවට සම්බාධක පනවයි උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අනුමැතිය හිමි ව තිබේ. එරට මිසයිල වැඩසටහනට විරෝධය පාමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඒකමතිකව මෙම තීරණය ගෙන තිබේ. 06 August 2017
නැගෙනහිර සයිබීරියාවේ ජලගැලීමකින් 8 ක් අතුරුදන් රුසියාවේ නැගෙනහිර සයිබීරියා පළාතේ මිර් නමින් හැඳින්වෙන දියමන්ති ආකරයක ඇතිවූ ජලගැලීමක් හේතුවෙන් අට දෙනකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ. 05 August 2017
හුදකලාව අවසන් කරනවා-ඉරාන ජනපති රට හුදකලා වීම අවසන් කරන බව තම දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දෙමින් ඉරාන ජනාධිපති හසින් රොව්හානි මහතා ප්‍රකාශ කළේය. 04 August 2017
ඩුපායි හි තට්ටු 79 ක ගොඩනැගිල්ලක් ගිනි ගනි එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ ඩුබායි නගරයේ ’ටෝර්ච්’ නිවාස සංකීර්ණය ගිනිගෙන ඇති බව වාර්තා වේ. 04 August 2017
මාස තුනකදී යේමනයේ කොලරා රෝගීන් 1900ක් මරුට පසුගිය මාස තුන ඇතුළත යේමනයේ කොලරා රෝගීන් 1900ක් පමණ මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 03 August 2017
ආලෝකා නමින් ප්‍රදර්ශන කුටියක් සුරතල් සතුන් ඇති කිරීම සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතර වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය... 17 July 2026