බර්ලින්හිදීය (රොයිටර්)
ජර්මන රජයේ පරිගණක පද්ධතිවලට එල්ල වූ ප්‍රබල සයිබර් ප්‍රහාරය ලොව පුරා පරිගණක පද්ධති ඉලක්ක කරගෙන දියත් කරන ලද්දක් බව යැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
රුසියාවේ ‘ස්නේක්’ නැමැති හැකර් කණ්ඩායම මෙම ප්‍රහාරය දියත් කර තිබෙන අතර ‘ෆැන්ස් බෙයාර්’ නැමැති කල්ලියක් සයිබර් ප්‍රහාරය දියත් කළ බව මුලින් වාර්තා විය.
සයිබර් ප්‍රහාර මාලාව ආරම්භ වූයේ පසුගිය දෙසැම්බර් මාසයේදී යැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වුවද සයිබර් ප්‍රහාර මාලාව ඊට මාස ගණනකට පෙර ආරම්භ වූවක් යැයි ද ජර්මානු බලධාරීහූ පවසති.
සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාවේ සම්බන්ධයක් නැතැයි ද මෙම සයිබර් ප්‍රහාරවලට රුසියානු හැකර්කරුවන් සම්බන්ධ යැයි එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද ක්‍රෙම්ලීනයේ ප්‍රකාශකයකු වන ද්මිත්‍රි පෙස්කොව් පැවැසීය.
“ලොව පුරා සයිබර් ප්‍රහාර මාලාවක් එල්ල වීම සම්බන්ධයෙන් අපි කනගාටුවට පත්වෙනවා. සෑම අවස්ථාවකදීම රුසියාවට චෝදනා එල්ල වුණා. සයිබර් ප්‍රහාරවලට රුසියන් හැකර්කරුවන් සම්බන්ධ යැයි චෝදනා එල්ල වුණා. එහෙත් එම චෝදනා සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් තිබුණේ නැහැ” යැයි මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පෙස්කොව් කීය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම විශ්වාසදායි පුද්ගලයින් වන රුසියානු හැකර්වරුන්ගේ මෙම ප්‍රකාශය 100% සත්‍ය බව නොදන්නේ කව්ද?