IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


රුසියාව ලබා දුන් පැය 5ක සටන් විරාම කාලය වැඩි විය යුතුයි

ජීනිවාහිදීය (රොයිටර්)
 
රුසියාව ඉදිරිපත් කළ පැය පහක සටන් විරාම සැලැස්ම තවදුරටත් වර්ධනය විය යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (01) ප්‍රකාශ කළේය

 
නැගෙනහිර ගූථා ප්‍රදේශයේ සිවිල් වැසියන්ට ආහාර, ඖෂධ සහ අනෙකුත් ආධාර සැපයීම, මුදා ගැනීමේ කටයුතු අවස්ථාව සලසා දීමට නම් රුසියාව ඉදිරිපත් කළ දිනකට පැය පහක සටන් විරාම සැලැස්ම තවදුරටත් සකස් විය යුතු යැයි ද පැය ගණන වැඩි විය යුතු යැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේය. 
 
පැය පහක සටන් විරාම සැලැස්ම සිරකරුවන් හුවමාරු කරගැනීමට සම්බන්ධ නොවන බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළේය. 
 
මේ අතර දින 30 සම්පූර්ණ සටන් විරාම කාලයක් වෙනුවෙන් ගෙන යන සටන කිසිදු අවස්ථාවකදී අත් නොහරින බව සිරියාව වෙනුවෙන් පත් කර සිටින එක්සත් ජාතීන්ගේ ස්ටෙෆාන් දි මිස්ථූරා අද (28) පැවැසීය. 
 
දින 30කට සටන් විරාමයක් සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මත වුවත් එය නිසි පරිදි ක්‍රියාත්මක වී නැතැයි ද වාර්තා වේ. 
 
මානූෂීය අර්බුද සම්බන්ධයෙන් අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවැති හමුවේදී රටවල් 23ක් නියෝජනය කරමින් සහභාගී වූ රාජ්‍ය තාන්ත්‍රිකයන් “සිවිල් වැසියන් ආරක්ෂා කරගැනීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය අසමත් වී ඇතැයි” ප්‍රකාශ කර ඇතැයි ද තවදුරටත් වාර්තා විය. 
 
055



අදහස් (0)

රුසියාව ලබා දුන් පැය 5ක සටන් විරාම කාලය වැඩි විය යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site