දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් උතුරු කොරියාවට යැවීම සඳහා ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් තෝරාගෙන ඇතැයි යොන්හැප් පුවත් සේවය වාර්තා කරයි.
දකුණු කොරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ යුද අභ්‍යාසවලට උතුරු කොරියාවෙන් විරෝධය එල්ල වී තිබෙන තෝරාගෙන ඇති නිලධාරීන් දෙදෙනා උතුරු කොරියාවට ගොස් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.
දකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානි ෂුහ් හූන් සහ එරට ජාතික ආරක්ෂක කාර්යාලයේ ප්‍රධානී චන්ග් ඉයු යොන්ග් උතුරු කොරියාව බලා ගොස් ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර සාකච්ඡා සූදානම් කිරීමට නියමිත බව වාර්තා වේ.
කෙසේ නමුත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ යුද අභ්‍යාස නිසා තත්ත්වය තරමක් සංකීර්ණ වී ඇතැයි වාර්තා වේ. ඇමෙරිකා එක්සත් ජනපදය දකුණු කොරියාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාස පැවැත්වුවහොත් ඊට ප්‍රතිචාර දක්වන බවට උතුරු කොරියාව අවස්ථා කිහිපයකදීම අනතුරු අඟවා තිබේ.
දකුණු කොරියාවේ පැවැති ශීත ඍතු ඔලිම්පික් උලෙළ නිසා දකුණු කොරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පැවැත්වීමට නියමිතව තිබූ ඒකාබද්ධ යුද අභ්‍යාස කල් දැමිණි. එම යුද අභ්‍යාස අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිතය.
ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් නමුත් කිසිදු පූර්ව කොන්දේසියකට යටත්ව සාකච්ඡාවලට එක්නොවන බව උතුරු කොරියාව නිවේදනය කළේය.
සෝල්හිදීය (රොයිටර්)
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල්ලියේ, ඇමෙරිකන් කාරයා පස්සේ ගියොත් බඩුම තමයි.