IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන්

දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් උතුරු කොරියාවට යැවීම සඳහා ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් තෝරාගෙන ඇතැයි යොන්හැප් පුවත් සේවය වාර්තා කරයි.

දකුණු කොරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ යුද අභ්‍යාසවලට උතුරු කොරියාවෙන් විරෝධය එල්ල වී තිබෙන තෝරාගෙන ඇති නිලධාරීන් දෙදෙනා උතුරු කොරියාවට ගොස් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ. 

දකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානි ෂුහ් හූන් සහ එරට ජාතික ආරක්ෂක කාර්යාලයේ ප්‍රධානී චන්ග් ඉයු යොන්ග් උතුරු කොරියාව බලා ගොස් ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර සාකච්ඡා සූදානම් කිරීමට නියමිත බව වාර්තා වේ. 

කෙසේ නමුත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ යුද අභ්‍යාස නිසා තත්ත්වය තරමක් සංකීර්ණ වී ඇතැයි වාර්තා වේ. ඇමෙරිකා එක්සත් ජනපදය දකුණු කොරියාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාස පැවැත්වුවහොත් ඊට ප්‍රතිචාර දක්වන බවට උතුරු කොරියාව අවස්ථා කිහිපයකදීම අනතුරු අඟවා තිබේ. 

දකුණු කොරියාවේ  පැවැති ශීත ඍතු ඔලිම්පික් උලෙළ නිසා දකුණු කොරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පැවැත්වීමට නියමිතව තිබූ ඒකාබද්ධ යුද අභ්‍යාස කල් දැමිණි. එම යුද අභ්‍යාස අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිතය. 

ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් නමුත් කිසිදු පූර්ව කොන්දේසියකට යටත්ව සාකච්ඡාවලට එක්නොවන බව උතුරු කොරියාව  නිවේදනය කළේය. 

සෝල්හිදීය (රොයිටර්)
055           

                              



අදහස් (1)

දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන්

gonralaaiya Tuesday, 06 March 2018 03:12 PM

මල්ලියේ, ඇමෙරිකන් කාරයා පස්සේ ගියොත් බඩුම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site