රිච්ටර් මාපාංක 6.7ක ප්‍රභලත්වයෙන් යුතු භූමිකම්පාවක් හේතුවෙන් පැපුවා නිව්ගිනියාවේ සදර්න් හයිලන්ඩ්ස් කඳුකර ප්‍රදේශයේ 18දෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
පසුගිය සතියේ පැපුවා නිව්ගිනියාවේ සිදුවූ භූමිකම්පාවෙන් 55දෙනකු මියගිය අතර මහත් විනාශයක් සිදුවිය.
එම භූමිකම්පාව සිදුවූ ස්ථානයට කිලෝමීටර් 31ක් දුරින් අද(07) කම්පනය සිදුවී තිබේ. මඩ සහින ස්ථානවල හා කඩාවැටුණු සුන්බුන් අතර හිරවූ පුද්ගලයින් තවමත් මුදවාගනිමින් පවතින හෙයින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහලයා හැකි බව සහන සේවා කණ්ඩායම් පවසති.
පසුකම්පන වලට බියෙන් ජනතාව එළිමහන් ස්ථාන වලට හා සහන කඳවුරු වලට රොක් වී සිටින බව මාධ්‍ය වාර්තා කර ඇත.
සිදුවූ හානිය හේතුවෙන් ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය පැපුවා නිව්ගිනියාවට ලබා දෙමින් තිබූ ආධාර ප්‍රමාණය වැඩි කිරීමට තිරණය කර ඇති බව පැවසේ.
(රොයිටර් ඇසුරිණි - 085)

2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැපුවා නිව්ගිනියාවේ භූ කම්පනයකින් 18ක් මියයති