රෝමයේදීය (රොයිටර්)
කාලයක් පැවැති දේශපාලන හා ආර්ථිකය අර්බුදය නිමා කිරීමේ අරමුණින් ඉතාලි ජාතිකයන් විශාල පිරිසක් අද (04) ඡන්ද පොළට පිවිසියහ.
සංක්‍රමණික අර්බුද, විරැකියාව ආදී දැඩි ආර්ථික අර්බුද යනාදි කරුණු මධ්‍යයේ ඉතාලි මහ මැතිවරණය අද (4) ආරම්භ විය.
මැතිවරණයෙන් හිටපු අගමැති සිල්වියෝ බාර්ලුස්කෝනිගේ මධ්‍ය දක්ෂිණාංශික පක්ෂය පාර්ලිමේන්තුවේ වැඩි ආසන්න සංඛ්‍යාවක් දිනාගනු ඇතැයි අනාවැකි පළ වුවද ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගැනීමට නොහැකි වනු ඇතැයි පැවැසිණි. මැතිවරණයට ඉදිරිපත් වී සිටින විශාලතම තනි පක්ෂය ‘5 ස්ටාර් ව්‍යාපාරය’ පක්ෂයය වන අතර දරිද්‍රතාවට සහ දූෂණයට එරෙහිවීම ඔවුන්ගේ ප්‍රමුඛතම සටන් පාඨය වී තිබේ. මධ්‍ය වාමාංශික පක්ෂයක් වන වත්මන් පාලක ඩිමොක්‍රටික් පක්ෂය මැතිවරණයෙන් තෙවැනි තැනට පත්වනු ඇතැයි පැවසේ.
ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල නව මැතිවරණ ක්‍රියාවලිය ප්‍රමාද වීම හේතුවෙන් හිටපු අගමැතිවරයාට මෙන්ම 5 ස්ටාර් පක්ෂයේ ලුගි දි මයියෝ ට ද ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා බොහෝ වේලාවක් පෝලිමේ රැඳී සිටීමට සිදු වූ බව වාර්තා විය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd