IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


එජා සංවිධානය නැගෙනහිර ගූථාවට සටන් විරාමයක් ඉල්ලයි

අම්මාන්හිදීය (රොයිටර්) 
 
සිරියානු කැරැලිකරුවන්ගේ පාලනයේ පවතින අවසන් ප්‍රදේශය වන නැගෙනහිර ගූථා ප්‍රදේශයට දිගින් දිගටම එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් සිය දහස් ගණනක් මියගොස් තිබෙන අවස්ථාවක සටන් විරාමයක් කැඳවන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (22) නැවත වරක් සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කළේය.

 
අටවැනි වසරටත් දිග්ගැස්සෙමින් තිබෙන සිරියානු සිවිල් යුද්ධයේ තවත් බිහිසුණු යුද්ධයක් බවට පත් කරමින් සිරියාවේ අගනුවර ආසන්නයේ පිහිටි නැගෙනහිර ගූථා ප්‍රදේශයට සිරියානු රජයේ හමුදා අදත් ගුවන් ප්‍රහාර එල්ල කළේය. මේ වනවිට පසුගිය ඉරිදා (18) වැනිදා සිට අඛණ්ඩව නැගෙනහිර ගූථා ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල වන අතර මේ දක්වා එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් කුඩා දරුවන් 150ක් ද ඇතුළුව 368ක් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සිරියානු මානව හිමිකම් නිරීක්ෂණය සංවිධානය සඳහන් කළේය. 
 
සංහාරයක් සිදුවීමට පෙර සටන් විරාමයක් කැඳවන්නැයි එක්සත් ජාතීන්ගේ අද (22) ඉල්ලා සිටියේ මෙම සිදුවීම් දාමයත් සමඟය. මේ වනවිට සිරියානු රජයට බටහිර රටවලින් ද දැඩි පීඩනයක් එල්ල වෙමින් තිබේ.
 
“සංහාරයක් සිදුවීම නැවැත්විය යුතුයි. මොකද ඉතිහාසය අප විනිශ්චය කරනවා” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිරියාව වෙනුවෙන් පත් කර සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ස්ටෆාන් ද මිස්ථූරා පැවසීය. එමෙන්ම සටන් විරාමයක් කැඳවීම සඳහා මැදිහත් වන්නැයි හෙතෙම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් ද ඉල්ලා සිටියේය. 
 
055



අදහස් (0)

එජා සංවිධානය නැගෙනහිර ගූථාවට සටන් විරාමයක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site