රෝමයේදීය (රොයිටර්/ඒ.එෆ්.පී)
දැනට නිකුත් වී තිබෙන ප්‍රතිඵල අනුව ඉතාලි මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනවරමක් ලැබී නැති අතර බොහෝ විට සන්ධාන ආණ්ඩුවක් පිහිටවනු ඇතැයි අනාවැකි පළ වී තිබේ.
අද (5) දහවල් වනවිට මැතිවරණ ප්‍රතිඵලවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් නිකුත් වී තිබූ අතර එයින් වැඩි වාසි අත්ව තිබුණේ දක්ෂිණාංශික සහ ජනප්‍රියවාදී පක්ෂවලටය.
යුරෝපා සංගමයට විරුද්ධ සහ ස්ථාපිත විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලුවීජී දි මෝයීගේ පක්ෂය ‘ෆයිව් ස්ටාර් මූව්මන්ට්’ පක්ෂය වැඩි වාසි අත්කරගෙන තිබිණි. අන්ත දක්ෂිණාංශික ලීගයේ ද සහාය ඇතිව තරග වැදුණු හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනිගේ දක්ෂිණාංශික සන්ධානය පාර්ලිමේන්තුවේ පහත මන්ත්‍රී මණ්ඩලයේ වැඩි ආසන ප්‍රමාණයක් දිනාගනු ඇතැයි අපේක්ෂා කෙරුණි.
සාකච්ඡා සහ සන්ධානයක් ගොඩනැගීමට අවශ්‍ය නිසා ආණ්ඩුවක් පිහිටුවීමට සති කිහිපයක් ගත වනු ඇත. ස්ථීර ප්‍රතිඵලයක් ලබාගැනීම සඳහා ඉදිරියේදී නව මැතිවරණයක් පවත්වනු ඇතැයි ද අදහස් පළ වී තිබිණි. අද (5) දහවල් වනවිට නිකුත් වී තිබූ ප්‍රතිඵල අනුවට ෆයිව් ස්ටාර් ව්‍යාපාරය සියයට 31.6, ලීගය සියයට 18.2ක් ද දිනාගෙන තිබූ අතර සිල්වියෝ බර්ලුස්කෝනිගේ ‘ෆෝරා ඉතාලියා’ පක්ෂය නිකුත් ව තිබූ ඡන්ද ප්‍රතිඵලවලින් සියයට 13.8ක් හිමි කරගෙන තිබිණි.
නිකුත් ව තිබූ ප්‍රතිඵලවලින් මැටියෝ රෙන්සිගේ පාලක ඩිමොක්‍රටික් පක්ෂයට දිනාගැනීමට හැකියාව ලැබී තිබුණේ සියයට 19.1ක ඡන්ද සංඛ්‍යාවකි. පාලක පක්ෂයට නිකුත් ව තිබූ ප්‍රතිඵලවලින් පහෙන් එකක් දිනාගැනීමට නොහැකි ව තිබූ බවත් එය පක්ෂය ලැබූ දරුණු පසුබැසීමක් බවත් ඉතාලි පුවත්පත් වාර්තා කළේය. ඉතාලියේ උතුරු කොටසේ වැඩි බලයක් දිනාගැනීමට ලීගය සමත් වනවිට දකුණෙන් විශාල සහයෝගයක් ලබාගැනීමට ෆයිව් ස්ටාර් පක්ෂය සමත්විය.
ඉතාලි පාර්ලිමේන්තුවට නියෝජිතයන් 945 දෙනකු තෝරා පත් කරගැනීම සඳහා මෙම මැතිවරණය පැවැති අතර ඉන් 630 දෙනෙක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයත් 315 දෙනෙක් ජනරජයේ සෙනට් සභාවටත් පත්වෙති. බහුතරය දිනා ගැනීමට සඳහා පක්ෂයක් දිනාගත යුතු ආසන සංඛ්‍යාව 316කි.
කිසිදු පක්ෂයකට බහුතරයක් දිනාගැනීමට හැකි වී නැතැයි නිකුත් ව තිබූ ප්‍රතිඵලවලින් ද පෙනී යන අතර මැතිවරණයට පෙර ඉදිරිපත් වූ සමීක්ෂණ වාර්තාවලට අනුව ද කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි වන්නේ නැතැයි පැවැසිණි.
055



2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉතාලියේ තනි ආණ්ඩුවක් පිහිටුවන්න බැරිවෙන ලකුණු