ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මුසාෆර්පර් නගරයේ පාසලක සිසුන් පිරිසක් වෙතට වේගයෙන් පැමිනි බස් රථයක් කඩා වැදීම හේතුවෙන් සිසුන් නවදෙනකු මියගොස් තවත් 10දෙනකු පමණ බරපතල ලෙස තුවාල ලබා ඇත.
බලධාරීන් පවසන්නේ පාසල නිමවී සිසුන් පිටතට පැමිණෙන අවස්ථාවේ මෙම අනතුර සිදුවූ බවයි.
බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ද පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
(සීඑන්එන් ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd