මාරියා ඩොමිනිකාවට කඩාවදී ඉර්මා සුළි කුණාටුවෙන් පසුව ඇති වී තිබෙන මාරියා සුළි කුණාටුවෙන් මේ වනවිට ඩොමිනිකා රාජ්‍යයට දරුණු හානියක් සිදු ව තිබේ. මාරියා සුළි කුණාටුව අද ඩොමිනිකාවේ නැගෙනහිර කොදෙව් දූපත් වෙත පැමිණි අතර පැයට කිලෝමීටර 257ක සුළං හමායන බවත් එක්සත් ජනපද ජාතික සුළිකුණාටු පිළිබඳ මධ්‍යස්ථානය නිවේදනය කළේය. 20 September 2017
මෙක්සිකෝවේ භූමිකම්පාවකින් 100 ට වැඩි පිරිසක් මරුට මෙක්සිකෝවේ අගනුවර සිදුවූ භූමිකම්පාවකින් 100 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි අන්තර්ජාතික පුවත් සේවා වාර්තා කරයි. 20 September 2017
ජාත්‍යන්තර පරීක්ෂණයකට මම බය නෑ - මියන්මාර ජනපතිනිය රෝහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් කෙරෙන පරීක්ෂණයකට තමන් බිය නැතැයි මියන්මාර නායිකා අවුන් සාන් සූ කි මහත්මිය අද (19) ප්‍රකාශ කළාය. 19 September 2017
ලෝක නායකයන්ගේ වාර්ෂික විවාදය අද ඇරැඹෙයි එක්සත් ජාතීන්ගේ 72 වැනි මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ලෝක නායකයන්ගේ වාර්ෂික විවාදය අද (19) ආරම්භ වීමට නියමිතය. 19 September 2017
උතුරු කොරියානු හිතුවක්කාරයාගේ මිසයිල අත්හදා බැලීම මිසයිලයේ ගමන් මඟ තහවුරු කර ගත් සැණින්, ජපාන රජය හොකයිඩෝ දූපත් වැසියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් කළේය. මිසයිලය දූපතට පතිත වූයේ නම්, එය පහර දී උඩු ගුවනේදීම පුපුරුවා හැරීමට ජපාන හමුදාව සීරුවෙන් සිටියේය. වාසනාවකට මිසයිලය පතිත වූයේ හොකයිඩෝ ආසන්නයේ මුහුදටය. කිසිවකුටත් අනතුරක් සිදු නොවිණි. කෙසේ නමුත් මිසයිලය ජපානයට අයත් ගුවන් සීමාව පසු කරද්දී මගී ගුවන් යානයකට වැදීමේ අවදානමක් පැවැතිණි. 18 September 2017
ඉරාකයේ ප්‍රහාරයකින් 60ක් මරුට ඉරාකයේ දකුණු දිග ඩයිකා පළාතේ නසිරියා ප්‍රදේශයේ පුපුරා ගිය බෝම්බ දෙකකින් 60දෙනකු පමණ මියගොස් 90ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 15 September 2017
ලන්ඩනයේ පිපිරීමක් බටහිර ලන්ඩනයේ උමං දුම්රිය මාර්ගයක පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වේ. 15 September 2017
උතුරු කොරියාවෙන් තවත් මිසයිලයක් උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් යවා ඇතැයි වාර්තා වේ. මෙය සති දෙකක කාලයක් ඇතුලත උතුරු කොරියාව විසින් ජපානයට ඉහලින් යවන ලද දෙවන මිසයිලය වේ. 15 September 2017
යමුනා ගඟේ බෝට්ටුවක් ගිලී 19ක් මරුට ඉන්දියාවේ යමුනා ගංගාවේ යාත්‍රා කරමින් තිබූ මගී බෝට්ටුවක් ගිලීමෙන් 19 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 14 September 2017
රෝහින්ග්‍යා දරුවෝ තනියෙන් බංග්ලාදේශයට රෝහින්ග්‍යා අර්බුදය තව තවත් උග්‍ර කරමින් කුඩා දරුවන් තනිවම බංග්ලාදේශයට පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 14 September 2017
ක්වාලාලම්පූර් නුවර පාසලක ගින්නකින් 25ක් මරුට මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර ඉස්ලාම් ආගමික පාසලක ඇතිවූ ගින්නකින් සිසුන් 23දෙනකු සහ ගුරුවරුන් දෙදෙනකු මියගොස් ඇත. 14 September 2017
ජගත් මහ මණ්ඩල සැසියට සුකී නෑ ලබන සතියේ ඇරඹීමට නියමිතව ඇති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට මියන්මාරයේ නිල නොලත් නායිකා අවුන් සාන් සුඛීට සහභාගි වීමට ඉඩ නොලැබෙනු ඇතැයි වාර්තා වේ. 13 September 2017
වෙනම රාජ්‍යයකට ඊශ්‍රායල අගමැතිගේ සහය වෙනමම කුර්දි රාජ්‍යයක් පිහිටුවීම සඳහා සහාය දෙන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු මහතා පවසයි. 13 September 2017
සිංගප්පුරුවට ප්‍රථම වරට ජනපතිවරියක් සිංගප්පූරුවේ පළමු ජනාධිපතිනිය ලෙස හලීමා යාකෝබ් අද (13) තෝරා පත් කරගන්නා ලදි. 13 September 2017
දේශගුණික විපර්යාස නොසලකන මිනිසුන් මෝඩයින් - ශුද්ධෝතම පාප් වහන්සේ දේශගුණික විපර්යාස නොසලකා හරින මිනිසුන් සියලු දෙනා අනුවණයන් යැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පැවසූහ. 13 September 2017
තුර්කිය මිසයිල ආරක්ෂණ පද්ධතියක් මිලට ගනියි එස් 400 මිසයිල ආරක්ෂණ පද්ධතියක් මිලදී ගැනීම සඳහා තුර්කිය ඉරානය සමඟ ගිවිසුමකට අත්සන් තබා ඇතැයි වාර්තා වේ. 12 September 2017
උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම හෙළා දකිනවා : විදේශ අමාත්‍යාංශය උතුරු කොරියාව ඉකුත් 3 වැනිදා කරන ලද න්‍යෂ්ටික අත්හදා බැලීම හෙළාදකින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 12 September 2017
සරණාගත දරුවන්ගෙන් අඩක් පාසල් ගිහින් නැහැ ලොව වෙසෙන සරණගත දරුවන්ගෙන් අඩක් පාසල් නොයන බව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ සංවිධානය ප්‍රකාශ කරයි. 12 September 2017
ඊජිප්තුවේ අයි එස් ප්‍රහාරයකින් පොලිසියේ 18ක් මරුට ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ ආරක්ෂක අංශ ගමන්ගත් ලොරි රථ පෙළකට අයි එස් ත්රස්තවාදීන් විසින් කරන ලද පහරදීමකදී පොලිස් භටයින් 18 දෙනකු පමණ මියගොස් තවත් හත් දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 12 September 2017
ටෙක්සාස්හි හතක් මරා දැමෙති ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ නිවසක සිටි හත් දෙනකු වෙඩිතබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ. පොලිස් වෙඩි පහරට ලක්ව තුවක්කුකරුවා ද මිය ගොස් ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ තවත් දෙදෙනකු රෝහල් ගත කර ඇත. 11 September 2017
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව ගැනත් අවධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ 36 වැනි සැසිවාරය අද (11) ආරම්භ විය. එහි ආරම්භක සැසියේදී මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් වාචික ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට නියමිතය. 11 September 2017
ඩීසල්-පෙට්‍රල් වාහන නිෂ්පාදනය නැවතීමට චීනයේ අවධානය සාම්ප්‍රදායික ඉන්ධන වර්ග යොදා ගන්නා වාහන අලෙවිය නතර කිරීම සම්බන්ධයෙන් චීනයේ අවධානය යොමු වී තිබේ. 10 September 2017
මෙක්සිකෝ භූම්කම්පාවෙන් මිය ගිය ගණන ඉහළට මෙක්සිකෝවට බලපෑ දරුණු භූමිකම්පාවෙන් මියගිය ගණන 90 දක්වා වැඩි වී ඇතැයි බලධාරීහූ ප්‍රකාශ කරති. දකුණු මෙක්සිකෝවේ ඔක්සාකා ප්‍රාන්තයේ පමණක් මියගිය ගණන 71ක් යැයි තහවුරු වීමත් සමඟ මියගිය ගණන 90-ක් දක්වා වැඩි වී ඇතැයි ඔවුහු කියති. 10 September 2017
මෙක්සිකෝවට රික්ටර් මාපකාංක 8ක ප්රබලත්වයේ භූමිකම්පාවක් දකුණු මෙක්සිකෝවට බලපෑ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ. 08 September 2017
ඉර්මා ජීවිත 14ක් බිලිගනි අත්ලාන්තික් කලාපයට සියවසකට පසු ඇති වූ බිහිසුණුම කුණාටුව ලෙසින් හඳුන්වන ‘ඉර්මා’ සුළිකුණාටුව හේතුවෙන් ටර්ක් සහ කේකෝස් දූපත්හි 14 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 08 September 2017
මියන්මාර මුස්ලිම්වරුන්ට ඉරානයෙන් ආධාර මියන්මාර රජයේ හමුදා දියත් කරන ප්‍රහාර හමුවේ පලායන රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට ආධාර තොගයක් යැවීමට සූදානම් කර ඇතැයි ඉරාන ‘රතු අඩ සඳ‘ සංවිධානය ප්‍රකාශ කරයි. 07 September 2017
සම්බාධක පැනවීමෙන් කොරියානු අර්බුදය විසඳන්න බෑ - පුටින් සම්බාධක පැනවීමෙන් උතුරු න්‍යෂ්ටික අර්බුදය විසඳිය නොහැකි යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 06 September 2017
ඇමෙරිකාවට ප්‍රබල සුළි කුණාටුවක් ‘ඉර්මා‘ නම් ප්‍රබල සුළි කුණාටුව කැරිබියන් දූපත් සහ ඇමරිකාවේ ෆ්ලොරීඩා වෙතට ආසන්න වෙමින් පැවතීම නිසා එම ප්‍රදේශ වල ජනතාවට කඩිනමින් ආරක්ෂිත ස්ථාන කරා ගමන්කරන ලෙස දැනුම් දි ඇතැයි වාර්තා වේ. 06 September 2017
ඉන්දියානු මාධ්‍යවේදිනියක වෙඩි තබා ඝාතනය කෙරේ ප්‍රසිද්ධ ඉන්දියානු පත්‍රකලාවේදිනියක වන ගෞරි ලන්කේෂ් මහත්මිය කර්ණාටක ප්‍රාන්තයේදී වෙඩිතබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ. 06 September 2017
කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූ පළකළ සඟරාවට දඩ බ්‍රිතාන්‍යයේ කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූප පළ කිරීම හේතුවෙන් ඇයටත් බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුටත් සිදු වූ හානිය වෙනුවෙන් යුරෝ 100,000ක මුදලක් ගෙවන්නැයි ප්‍රංශ අධිකරණයක් ප්‍රංශ ප්‍රකට සඟරාවකට අද (5) නියෝග කළේය. 05 September 2017
ආලෝකා නමින් ප්‍රදර්ශන කුටියක් සුරතල් සතුන් ඇති කිරීම සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතර වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය... 17 July 2026